අපගේ දැක්ම

“යහපාලනයෙන් හා තිරසර සංවර්ධනයෙන් ප්‍රමුඛතම කොට්ඨාශය“

අපගේ මෙහෙවර

“නිර්මාණශීලීව හා නව්‍යශීලීව සම්පත් කළමනාකරණයෙන්
ජන ජීවිතය සවිබල ගැන්වීමට කොට්ඨාශය මෙහෙයවීම“

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත‍්‍රික්කය තුළ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිස්ත‍්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතුරින් දෙහිවල, රත්මලාන, මොරටුව යන කොට්ඨාශවලට පමණක් භූමි ප‍්‍රමාණයෙන් විශාල වේ. ග‍්‍රාම නිලධාරී වසම් 20 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් හා නැගෙනහිරින් කොලොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද දකුණින් හා බටහිරින් මහරගම හා තිඹිරිගස්යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද මායිම් වන අතර භූමි ප‍්‍රමාණය භෙක්ටයාර් 1523 ක් පමණ විශාල වේ. මෙම කොට්ඨාශය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප‍්‍රදේශය ලෙස ප්‍රාදේශීය පරිපාලනයේදී සැලකේ.

කොළඹ නගරයේ උප නාගරික කලාපයක් ලෙසත් ප‍්‍රධාන පරිපාලන අගනගරය සහ නව පාර්ලිමේන්තු සංකීර්ණය මෙම කොට්ඨාශය තුල පිහිටා තිබීමත් නිසා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අධි නාගරිකරණයට ලක් වී තිබේ. ප‍්‍රදේශයේ පවතින දියුණු මාර්ග ජාලය හා කාර්යක්ෂම යටිතල පහසුකම් මෙන්ම සීඝ‍්‍රයෙන් වැඩි වන සේවා ස්ථාන හේතුවෙන් ද මෙම ප‍්‍රදේශය  ජන සංකේන්දුණයක් බවට පත්ව තිබේ.

ප‍්‍රදේශයේ ආර්ථිකය ප‍්‍රධාන වශයෙන් සේවා අංශය වෙත යොමු වී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. ඒ අනුව වැඩි ජන සංඛ්‍යාවකගේ ප‍්‍රධාන ජීවනෝපාය සේවා අංශය මත පදනම් වී තිබේ. ඊට අමතරව කාර්මික අංශයේ ද පැහැදිලි දියුණුවක් දක්නට ලැබේ. ප‍්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස ඉතා සුළු පිරිසක් වන අතර එයින් ද පූර්ණ කාලීන ගොවීන් ට වඩා අර්ධ කාලීන ගොවීන් වැඩිය.

ආයතනයේ විකාශය

පළාත් පාලන පරිපාලනය පිහිටුවීමෙන් පසු 1892 දක්වා කෝට්ටේ නගරය සල්පිටි කෝරාල මුදලි යටතේද , ඉන් අනතුරුව 1816 දක්වා කොළඹ දිස්ත‍්‍රික් මුදලි යටතේද  පාලනය විය.

1982 කුඩා නගර සනීපාරක්ෂක ආඥා පනත යටතේ වු අතර නගර සීමාවන් 1916 පෙබරවාරි 4 වන දින ලංකා රජයේ ගැසට් පත‍්‍රයේ ප‍්‍රසිද්ධ විය. මේ තත්වය 1933 දක්වා පැවතිනී. ඉන්පසු 1920 අංක 11 දරණ පනතින් එම නගරය නාගරික දිස්ත‍්‍රික් සභාවක් ද 1939 අංක 61 දරණ ආඥා පනත යටතේ 1940 වර්ෂයේ නගර සභාවක් වශයෙන් ද 1997 ජනවාරි 01 දින සිට අංක 941 /9 දරණ ගැසට් නිවේදනය මඟින් මහ නගර සභාවක් බවට පත් විය.

1985 පෙබරවාරි 06 වන දින ශ‍්‍රි ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජන රජයේ අති  විශේෂ ගැසට් නිවේදනය මඟින් 1985 ජනවාරි 28 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මායිම් ශ‍්‍රී ලංකාවේ නව අගනුවර වශයෙන් ප‍්‍රකාශයට පත් විය. ඒ අනුව කෝට්ටේ නගරය අගනුවරක කොටසක් වශයෙන් කීර්තිමත් අවධියකට  නැවතත් අවතීර්ණ විය.

කෝට්ටේ මහ නගර සභා බල ප‍්‍රදේශයට අදාලව හඳුන්වන ලද නුගේගොඩ ප‍්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාශය 2000.07.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි 2000.06.21 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මඟින් '' ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය '' නමින් හඳුන්වන ලදී.

මෙතෙක් සේවය කල ප්‍රදේශිය ලේකම්වරුන්

නම

සිට

දක්වා

සුගතදාස ජයවික්‍රම මයා (උප දිසාපති)

1981

එස්.එම්.පී. සමරකෝන් මයා (උප දිසාපති)

1983

හැරිසන් පෙරේරා වික්‍රමරත්න මයා (උප දිසාපති)

විමල් නුගේගොඩගේ මයා (සහකාර ප්‍රාදේශීය ලේකම්)

විජය කරුණාරත්න මයා

එච්.එම්. සිරිසේන මයා

දයා පීරිස් මිය

රේමන්ඩ් පෙරේරා මයා

ආර්.එම්.එම්.බී. රත්නායක මයා

කැල්වින් ගුණවර්ධන මයා

දමිතා විතාරණ මිය

මානෙල් සුගපාල මිය

2005

2009

චන්ද්‍රරත්න  පල්ලේගම මයා

2009 (අගෝ.)

2009 (දෙසැ.)

අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය මයා

2009 (දෙසැ.)

2018 අගෝ 20 දක්වා

කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් හා භූමි ප‍්‍රමාණය :-

ග‍්‍රාම නිලධාරී වසම

බිම් ප‍්‍රමාණය

(භෙක්ටයාර්)

(අක්කර)

514 වැලිකඩ නැගෙනහිර

119

294

514 ඒ වැලිකඩ බටහිර

48

119

514 බී රාජගිරිය

99

245

514 සී ඔබේසේකරපුර

35

87

514 ඩී වැලිකඩ උතුර

33

82

519 නුගේගොඩ

25

62

519 ඒ පාගොඩ

72

178

519 බී නුගේගොඩ බටහිර

103

255

519 සී පාගොඩ නැගෙනහිර

71

175

520 නාවල බටහිර

85

210

520 ඒ කොස්වත්ත

143

353

520 බී නාවල නැගෙනහිර

105

259

521 ඇතුල්කෝට්ටේ

71

175

521 ඒ ඇතුල්කෝට්ටේ බටහිර

41

101

522 පිටකෝට්ටේ බටහිර

100

247

522 ඒ පිටකෝට්ටේ නැගෙනහිර

92

227

522 බී පිටකෝට්ටේ

96

237

526 ගංගොඩවිල උතුර

44

109

526 ඒ ගංගොඩවිල දකුණ

47

116

526 සී ගංගොඩවිල නැගෙනහිර

94

232

එකතුව

1523

3763

ඓතිහාසික පසුබිම

දේශපාලනික වශයෙන් කෝට්ටේ නගරය ශ‍්‍රී ලංකා ඉතිහාසයට එක්වූයේ 14 වන සියවසේදීය. එහි ආරම්භකයා වන නිශ්ශංක අලගක්කෝනාර භෙවත් අලකේශ්වර, කෝට්ටේ ආරක්ෂිත අගනුවර ලෙස තෝරා ගත්තේය. (1340 -1380) එය තුන් පැත්තකින් ගංඟා දෙකකින් මායිම් වූ වගුරු බිම් වලින් වට වූ ග‍්‍රාමයක් විය. ජයවර්ධනපුර නමින් ඉදිකරන ලද ප‍්‍රදේශය කලින් හඳුන්වනු ලැබුවේ 'දුරුගම' ලෙසය. දියවන්නා ඔය සහ කොළොන්නාව ඔය එක් ගංඟාවක් ලෙස යාවී එක්වූයේ දරුගම දීය . දරුගම ස්වාභාවික ලෙස ආරක්ෂා වූ බැවින් සතුරන්ට ප‍්‍රවිෂ්ඨ වීමට බාධාවක් විය.

කෝට්ටේ  බලකොටුව ආසන්න වශයෙන් වර්ග සැතපුමක භූමි භාගයකි. ආරක්ෂිත කොටු තාප්පය (කොටු පවුර) අඩි 8 ක් උස අඩි 35 පළලය. කොටු පවුර කබොක් ගල් වලින් ගොඩ නැඟි ත‍්‍රිකෝණාකාර හැඩයෙන් වටවූ නගරයකි. ගැඹුරු දිය මාර්ගයකින් කොටු පවුර දෙපැත්තකින් වටවී ඇති සේම, කෙළවරින් උස් බිම් යා කෙරෙන බල කොටුව දූපතක් ලෙස ගැඹුරු දිය අගල් දෙකකින්ද වෙන් විය. බලකොටුව වටා ඇති පිටස්තර භූමිය උල්, ගෝන අං ආදී මර උගුල් ආදියෙන් නගරය තව දුරටත් ආරක්ෂා කර තිබිණි . කොටු පවුර හතර කොනේ උපුල්වන්, සමන්, විභීෂණ සහ ස්කන්ධ දේවතාවුන් සඳහා දේවාල හතරක් විය. 

කොටු පවුරු වලින් වටවූ මෙම නගරය ශ‍්‍රී ජයවර්ධනපුර නමින් හඳුන්වන ලැබූයේ 1391 වර්ෂයේදී , උතුරු පළාත සාර්ථකව යටත් කර ගැනීමෙන් පසුය. කෙසේ නමුත් 6 වන පරාක‍්‍රමබාහු රජ සමයේදී කෝට්ටේ නගරය ශ‍්‍රී ලංකාවේ අගනුවර වශයෙන් සලකන ලදී.. මොහුගේ පාලන සමයේදී රට එක්සේසත් කල අතර , එම කාල පරිච්ඡේදය තුලදී බුදු දහම, සිංහල සංස්කෘතිය ඉහළම කීර්තිය සහ තේජසට පත් ව රට ද සීඝ‍්‍ර ලෙස දියුණු විය.

පහත සඳහන් දෑ ඓතිහාසික රාජධානියේ ප‍්‍රධානතම අංග ලක්ෂණ විය.

1. රජ මාලිඟාව නැගෙනහිර පැත්තේ පිහිටා තිබූ අතර එය මල්වතු, වතුර මල් ආදියෙන් අලංකාර කරන ලදී.

2. බුදුරජාණන් වහන්සේ ගේ දන්ත ධාතුව තැන්පත් කළ මහල් තුනකින් යුත් පන්සල

3. සංඝනායක වහන්සේ නමක් යටතේ බෞද්ධ භික්ෂුන් හැට නමක් සඳහා වූ මහල් 5 කින් යුත් ආශ‍්‍රමයක්

4. කොට වෙභෙර (කොටු පවුරෙන් හා ඇතුල් දිය අගලෙන් පිටස්තරව පිහිටි නගරය තුල වූ එකම පන්සල )

5. උතුරට රජුගේ භාණ්ඩාගාරය

6. නගරයෙන් පිටස්තරව බැද්දගානේ පිහිටි රාජකීය භූමදාන භූමිය (වෙභෙර කන්ද ස්මාරකය)

රාජධානිය පෘතුගීසීන් විසින් අතහැර දැමීමෙන් අනතුරුව පළමුවන රාජසිංහ රජුගේ (1581 -1592) පහරදීමෙන් එය බිඳ වැටුණි. ස්ථාන දෙකක් ආරක්ෂා කිරීම පෘතුගීසීන්ට කල නොහැකි විය. එම නිසා පෘතුගීසින් කෝට්ටේ නගරය අතහැර දැමූ අතර, ඔවුන්ගේ අවධානය වූයේ කොළඹ නගරය පමණි. සීතාවක හමුදාවෝ ශ‍්‍රී ජයවර්ධනපුර නගරය බිමට සමතලා කළහ. නගරයේ තාප්ප හා මාලිඟා විනාශ කොට ගිනි තබන ලදී.. මේ සිද්ධියෙන් කෙටි කාලයකදී නටබුන් වූ නගරය කැලෑව විසින් වෙලා ගන්නා ලදී. පෘතුගීසින් විසින් අත්හල, රාජසිංහ රජතුමා විසින් විනාශ කල, මෙම නගරය සිංහලයින් කිසිවිටෙකත් අත්හැර නොයන ලදී. පෘතුගීසී, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය යුගයේ වැඩි කාලයක් දක්නට ඇති ලිඛිත ලියකියවිලි හා සිතියම් වල කෝට්ටේ රාජසිංහ රජු ගැන නොයෙක් විට සඳහන් වේ. 

කෝට්ටේ රාජධානියේ ඉතිරිව ඇති ස්මාරක

  1. බලකොටු නගරය

බලකොටු නගරයක් ලෙස කෝට්ටේ නගරය තෝරා ගැනීම ශ‍්‍රී ලංකාවේ නගර සැලසුම් කිරීම අතින් වැදගත් පියවරක් විය. කෝට්ටේ නගරය වටා දිය අගලක් හා කොටු තාප්පයක් අලකේෂ්වර රජතුමා විසින් ඉදිකරන ලදී.. කොටු තාප්පයේ නෂ්ටාවශේෂ තවමත් දක්නට ඇත. බටහිර කොටස පුනරුත්ථාපනය කෙරෙමින් පවතී. නැගෙනහිර පෙදෙස නාගරීකරණයත් සමඟ විනාශ වෙමින්  පවතී. ක්ෂණික පියවරක් නොගතහොත් පවුරේ නැගෙනහිර කොටස අදෘෂ්‍යමාන විය හැකිය .

  1. දියවන්නා ඔය සහ තෙත්බිම්

පුරාවෘත්ත අනුව දියවන්නා ඔය රාවණා රජු සමයේ පවා පැවතී ඇත. දියවන්නා ඔය හා අවට තෙත් බිම් ඓතිහාසික වශයෙන් වටිනා භූමි ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම නගරයේ ඇති තෙත්බිම් හා දියවන්නා ඔය පිළිබඳව ඓතිහාසික කාව්‍ය මඟින් විවරණය වී තිබේ. බලකොටුවෙන් පිට නගරය  ජලයෙන් ආරක්ෂා වී ඇත. බටහිර හා නැගෙනහිර දියවන්නා ඔයෙන්ද, දකුණට හා නැගෙනහිරට ජල මාර්ග වලට යාව දකුණට වූ දිය අගලෙන් වටවී ඇත. අවට ජලාශ වල කිඹුලන් ගැවසී ඇති බවට සාක්ෂි ඇත. වර්තමාන පාර්ලිමේන්තුව පවතින පෙදෙස දූපතක් වූ අතර එය වටා තෙත්බිම් යායක් පැවතී ඇත. වැව ඉදිකරන ලද්දේ තෙත් බිම් හාරා නව පාර්ලිමේන්තුව ඉදිකරන අවධියේය. එකල දියවන්නා ඔයට ප‍්‍රවේශ වන ඓතිහාසික 'කොන්තගන්තොට' පිහිටියේ  දියවන්නා ඔය ශ‍්‍රී ජයවර්ධනපුර මාවත හරහා ගලා බස්නා පාලම ආසන්නයේ වේ.

  1. රජ මාලිඟාව

රජ මාලිගාවේ නටඹුන් පිළිබඳව තොරතුරු අල්පය. එය මහල් 5 ගොඩනැගිල්ලක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම‍ ඓතිහාසික ස්ථානය ගවේෂණය කිරීමේ වගකීම දරයි.

  1. අම්බලම ( විවේක ගැනීමේ ස්ථානය )

පුරාණ නගරයට ප‍්‍රවේශ වීමට පැමිණි සාමාන්‍ය වැසියන් හෝ ආගන්තුකයන්ට නැවතී සිටීමට මෙම ගොඩනැගිල්ල යොදා ගන්නා ලදී. වර්ග මීටර් 25 කින් සමන්විත වන අතර එය ප‍්‍රකෘති ගල් කණු සහිතව තවමත් ශේෂව පවතී. මෙම ස්ථානය නගර මධ්‍යයේ පිහිටි අතර කෝට්ටේ නාගරීකරණය වීම නිසා වෙනස්වීම් වලට භාජනය විය හැකිය. එම නිසා එය සංරක්ෂණය කිරීම පුරා විද්‍යා  දෙපාර්තමේන්තුවේ වගකීම වේ.

  1. අලකේෂවර සොහොන

කෝට්ටේ රාජධානිය ගොඩනැගූ අලකේෂ්වර රජුගේ සොහොන නටඹුන් අතර පවතී. එය නගරයේ ක‍්‍රියාකාරිත්වයට වටිනාකමක් ගෙන නුදුන්නද කෝට්ටේ නගරයට අනන්‍යතාවය ගෙන දෙන ස්මාරකයක් වේ.

  1. වෙභෙරකන්ද සොහොන් බිම්

දැනට අවුරුදු දශක 5 කට පෙර බැද්දගාන ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලද සොහොන් අතර VI වන පරාක‍්‍රමබාහු රජතුමාගේ සොහොන සහ ඔහුගේ ස්වර්ණා මාණික්‍ය බිසවගේ සොහොන ඇතැයි සමහරුන්ගේ මතයයි. වෙභෙර කන්ද අක්කර 2.5 කින් යුත් ප‍්‍රදේශයක් වන අතර වෙභෙරක ස්වරූපයක් ගනී.

  1. කෝට්ටේ රාජධානියට අයත් කොඩිය

මෙම කොඩිය ජාතික කොඩියට බෙභෙවින් සමාන වන අතර විශේෂත්වය වන්නේ කඩුව අතින් ගත් සිංහයෙකු වෙනුවට දකුණු අතින් කසයක් ගත් සිංහයෙකුගේ රූපයක් තිබීමයි. පෙරහැරවල් වල රජු හා ඔහුගේ අදිකාරම්වරු ඉදිරියේ කස පිපිරවීම සිරිතක් කොට පැවතීම මෙයට හේතුවක් ලෙස සැලකිය හැකිය. කෝට්ටේ පැරණි රජ මාලිගාවේ නටබුන් අතර තිබී සොයා ගත් කොඩිය වර්තමානයේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. කොළඹ දිස්ත‍්‍රික් කොඩිය ලෙසද තෝරා ගෙන ඇත්තේ පහතරට අවසාන සිංහල රාජධානිය වු කෝට්ටේ ශ‍්‍රි ජයවර්ධනපුර රාජධානියට අයත් ව තිබූ කොඩියයි.

  1. පැරණි උමං දොරටුව

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලීය භූමියෙහි මෙම උමං දොරටු දක්නට ඇත. පිහිටි පොළවේ අඩි 5ක් පමණ කැණීමෙන් අනතුරුව මධ්‍යයේ ඉතිරි කර ගත් පස් කණ්ඩිය හාරා දොරවල් දෙකක් මගින් ඇතුලට ප‍්‍රවේශ වීමට සාදා ඇත. ප‍්‍රධාන දොරටුවේ මුදුනෙහි සිංහල රජුගේ කිරුළ කොටා තිබිණ. මෙහි මධ්‍යයට ඇතුළු වූ පසු දොරවල් හතරකින් පහතට බැසීමට තබා ඇති අතර මින් දොරටු 03 ක් ව්‍යාජ දොරටු ලෙසින් තබා තිබුනේ ආරක්ෂාවට බව සදහන් වේ.

පෘතුගීසින් හා කළ සටනේදී අත් අඩංගුවට පත්ව කොළඹ කොටුවේ සිර කර තැබූ වීදිය බණ්ඩාර කුමරු බේරා ගැනීම සදහා ඔහුගේ බිරිඳ වූ සමුදුදේවී කුමරිය විසින් මතුරට ප‍්‍රදේශයෙන් රැගෙන ආ ශිල්පීන් ලවා මෙම උමග තැනවූ බව සදහන් වේ.

  1. කෝට්ටේ රජමහ විහාරය

15 වන සියවසේදී ශ‍්‍රී ජයවර්ධනපුර රාජධානියක් ඇතිකොට ත‍්‍රී සිංහලයම එහි සිට පාලනය කල හය වැනි පැරකුම්බා රජු විසින් කෝට්ටේ රජමහ විහාරස්ථානය තනවන ලදි. පෘතුගීසි ආක‍්‍රමණයෙන් මෙම විහාරස්ථානය විනාශ වී යාමෙන් පසු 1813 දී ගරු පිලානේ නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම රජමහ විහාරස්ථානයේ නටබුන් සොයාගෙන ඇත. ඉන් අනතුරුව විහාරස්ථානය ප‍්‍රතිසංස්කරණය කර ඇති අතර ක‍්‍රමයෙන් දියුණු වී වර්තමාන ලංකාවේ ප‍්‍රධාන විහාරස්ථානයක් බවට පත් වී ඇත. 1901 දී මෙහි වැඩසිටි දළදා සමිඳුන්ට පූජෝපහාර පිණිස කෝට්ටේ ශ‍්‍රී දළදා පෙරහැර නැවත ආරම්භ කර මේ දක්වා වාර්ෂිකව ඉතා උත්සවාකාරයෙන් පවත්වාගෙන යනු ලැබේ. මෙම පූජා භූමියේ දක්නට ලැබෙන ඉපැරණි නා බෝධීන් වහන්සේ ඓතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් ගනී.

  1. කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය

නුගේගොඩ - කොටහේන ගමන් මාර්ගයේ (මාර්ග අංක 168) කොටුබැම්ම පාරේ සිට නුගේගොඩ දෙසට මීටර් 50ක පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙහි කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ පෞරාණික භාණ්ඩ, මෙවලම්, පරිහරණයට ගත් ඇඳුම් හා භාවිතා කල මුදල් මහජන ප‍්‍රදර්ශනය සදහා තබා ඇත. මෙම කෞතුකාගාරය සදහා භාවිතා කරන ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වන අතර එය ලංකාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල ඊ. ඩබ්. පෙරේරා මහතා ජීවත් වූ නිවස බවද සදහන් වේ. 

කෝට්ටේ නගරයේ වර්ධනයේ ඓතිහාසික තොරතුරු :-

පසුව ග‍්‍රාමයක් බවට පත්වූ කෝට්ටේ නගරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඕලන්ද යුගයේ හා බි‍්‍රතාන්‍ය යුගයේ මුල් අවධියේ සාධක වුවද  ඉතාම  විරලය. එසේ වුවද 1814 සිට 1826 දක්වාද  1871 සිට 1931 දශකය දක්වා ද එතැන් සිට 1981 දක්වා ද සංඛ්‍යා ලේඛන වලින් කෝට්ටේ නගරය දිස්ත‍්‍රික්කයේ අනෙකුත් පළාත් පාලන හා සසඳන විට තරමක් සතුටුදායක ජනගහනයක් පැවතී ඇත.

පළාත් පාලන පරිපාලනය පිහිටුවීමෙන් පසු 1892 දක්වා කෝට්ටේ නගරය සල් පිටි කෝරාල මුදලි යටතේද , ඉන් අනතුරුව 1816 දක්වා කොළඹ දිස්ත‍්‍රික් මුදලි යටතේද  පාලනය විය.

1982 කුඩා නගර සනීපාරක්ෂක ආඥා පනත යටතේ වු අතර නගර සීමාවන් 1916 පෙබරවාරි 4 වන දින ලංකා රජයේ ගැසට් පත‍්‍රයේ ප‍්‍රසිද්ධ විය. මේ තත්වය 1933 දක්වා පැවතිනී. ඉන්පසු 1920 අංක 11 දරණ පනතින් එම නගරය නාගරික දිස්ත‍්‍රික් සභාවක් ද 1939 අංක 61 දරණ ආඥා පනත යටතේ 1940 වර්ෂයේ නගර සභාවක් වශයෙන් ද 1997 ජනවාරි 01 දින සිට අංක 941 /9 දරණ ගැසට් නිවේදනය මඟින් මහ නගර සභාවක් බවට පත් විය.

1985 පෙබරවාරි 06 වන දින ශ‍්‍රි ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජන රජයේ අති  විශේෂ ගැසට් නිවේදනය මඟින් 1985 ජනවාරි 28 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මායිම් ශ‍්‍රී ලංකාවේ නව අගනුවර වශයෙන් ප‍්‍රකාශයට පත් විය. ඒ අනුව කෝට්ටේ නගරය අගනුවරක කොටසක් වශයෙන් කීර්තිමත් අවධියකට  නැවතත් අවතීර්ණ විය .

කෝට්ටේ මහ නගර සභා බල ප‍්‍රදේශයට අදාලව හඳුන්වන ලද ංනුගේගොඩ ප‍්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාශය' 2000.07.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි 2000.06.21 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මඟින් '' ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශය '' නමින් හඳුන්වන ලදී. 

කොට්ඨාශයේ භූවිෂමතාවය

මෙම ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශය භූ විද්‍යාත්මකව සලකා බැලීමේදී පාෂාණ ව්‍යාප්තිය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

1. හෝන්බ්ලෙන්ඩ්

2. වානොකයිට්

ප‍්‍රදේශයේ වර්ග ප‍්‍රමාණයෙන් 95.8 % ක ප‍්‍රතිශතයක් පුරා හෝන්බ්ලෙන්ඩ් පාෂාණය ව්‍යාප්තව පවතී. ප‍්‍රාග් කේම්බි‍්‍රය පාෂාණයක් වන මෙය විජයාන ශෙ‍්‍ර්ණියට අයත් උස් බිම් වර්ගයට අයත් පාෂාණයකි. මනා ජල වහනයක් පවතින පාංශු කාණ්ඩයක් නිර්මාණය වීමට පදනම් වී ඇති මෙම පාෂාණ වර්ගය ව්‍යාප්ත වී ඇති ප‍්‍රදේශ වල භෝග වර්ග සඳහා වඩා හොඳ යෝග්‍යතාවයක් පෙන්වයි. එසේ වුවත් ප‍්‍රදේශයේ නාගරික හා අධි නාගරික භූමි පරිහරණ රටාවක් පවතින නිසා මෙම කොටස් වල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ඉදිකිරීම් කටයුතු ය.

ප‍්‍රදේශයේ වානොකයිට් වර්ගය ව්‍යාප්ත ව ඇත්තේ ඉතාමත් අඩු ප‍්‍රදේශයක් තුලය . එනම් ප‍්‍රදේශයේ වර්ග ප‍්‍රමාණයෙන් 4.2 % කි. මෙම පාෂාණ වර්ගය පොදු ව්‍යවහාරයේ කළු ගල් වශයෙන් හඳුන්වනු ලැබේ. මව් පාෂාණය වන මෙම පාෂාණය උස්බිම් ශෙ‍්‍ර්ණියට අයත්ය . පහසුවෙන් හඳුනා ගත හැකි ලක්ෂණයක් ලෙස පාෂාණය මත වයිරම් සහිත කළු පාටක් ඇත. 

පාෂාණ ව්‍යාප්තිය

ප‍්‍රදේශයේ පස ප‍්‍රධාන කොටස් 2 කට බෙදා දැක්විය හැකිය. එනම්

1. රතු කහ පොඩ්සොලික් පස -මෘදු හෝ තද ලැටරයිට්  (මද  රැලි සහිත ප‍්‍රදේශ වල ව්‍යාප්ත ව ඇති පස)

2. වගුරු හෝ අර්ධ වගුරු පස (තැනිතලා බිම් තුල ව්‍යාප්තව ඇති පස )

මෙම පාංශු වර්ග අතුරින් පළමු වර්ගය සඳහා ප‍්‍රදේශයේ වර්ග ප‍්‍රමාණයෙන් භෙක්ටයාර් 571 ක් පමණ එනම් 37.5 % ප‍්‍රතිශතයක් අයත් වේ. මෙය පොඩ්සොලික් වර්ගයේ උප කාණ්ඩයක් ලෙස දැක්විය හැකිය. පසෙහි ගැඹුර අනුව මෙම වර්ගය සතුටුදායක තත්වයක පවතී.

රතු කහ පොංසොලික් පස ප‍්‍රාදේශ්‍රීය ව්‍යවහාරය අනුව කබොක් පස ලෙස හඳුන්වයි. මෙම වර්ගය ඛාදනයට තරමක් ඔරොත්තු දෙන පසක් බැවින් හා මෙම ප‍්‍රදේශය භූ රූපනය  මඳ රැලි සහිත බැවින්ද  ප‍්‍රදේශයේ ස්වභාවික හේතූන් මත සිදුවන පාංශු ඛාදනය අඩු බවක් පෙන්වයි.

වගුරු හෝ අර්ධ වගුරු පස භෙක්ටයාර් 950 ක ප‍්‍රමාණයක එනම් 62.5 % ව්‍යාප්තව පවතී. මෙම පාංශු වර්ගයේ මූලික ලක්ෂණය නම් දුර්වල ජල වහනයක් පැවතීමය. ප‍්‍රදේශයේ අඩු උච්චත්වය මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා තිබේ. මේ නිසා මෙම කලාපය වගුරු ස්වරූපයක් ගනී. 

භූ රූප හා ජලවහනය :-

මෙම ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශය සමස්ථයක් වශයෙන් ගත් විට භූ රූපමය වශයෙන් පහත් තැනිතලා ප‍්‍රදේශයකි. ප‍්‍රදේශයේ උපරිම උස මීටර් 20 ක් පමණ වන අතර වැඩි භූමි ප‍්‍රතිශතයක් අයත් වන්නේ මීටර් 10 ට අඩු උච්චත්වයක් සහිත ප‍්‍රදේශයටයි. එබැවින් µමම කොට්ඨාශයේ කැපී පෙනෙන භූ විෂමතා දක්නට නැත.

ජලවහනය අනුව බලන විට ප‍්‍රදේශයේ පුරා ව්‍යාප්තව තිබෙන ජල වහන රටාවක් දැකිය හැකිය. ප‍්‍රදේශයේ ඊසාන දෙසින් පටන් ගෙන නිරිත දිශාවට ගලා බටහිර ප‍්‍රදේශයෙන් පිටව යන දියවන්නා ඔය සහ උතුරු මායිමට නැගෙනහිර දිශාගතව ගිණිකොණ දෙසට ගලා බසිනා කොලොන්නාව ඇල මගින් ප‍්‍රදේශයේ ජලවහන රටාව සමන්විත වී ඇත.

උච්චත්වය මීටර් 10 ට වඩා අඩුවෙන් ප‍්‍රදේශයේ වැඩි භූමි ප‍්‍රමාණයක් පවතින බැවින් හා ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාශය වටා ඇල මාර්ග වැඩි වශයෙන් පැවතීමත් හේතුවෙන් මෙහි පහත් බිම් ආශ‍්‍රයෙන් ජලය බැස නොයෑමේ තර්ජනයක් පවතින බව පෙනේ . 

පාරිසරික තත්ත්වය

ශ‍්‍රී ජයවර්ධනපුර නගරය ඉතා සුන්දර තෙත්  බිම් රාශියකින් සැදුම්ලත් ප‍්‍රදේශයක් ලෙස පෙන්වා දිය දැකිය. වර්තමාන භූමි භාවිතයට අනුව භෙක්ටයාර් 230 ක භූමි ප‍්‍රමාණයක් තෙත් බිම් ලෙස ඉතිරිවී ඇත. මෙම වගුරු බිමෙහි මායිම් කෝට්ටේ ඇල (දියවන්නා ඔය) දෙපස නැගෙනහිර නාවල (වැලිකඩ නුගේගොඩ) පාර ජයවර්ධනපුර මාවත දකුණ, ඇතුල්කෝට්ටේ බස්නාහිර කොටස හා හීන් ඇලෙහි යම් යම් කොටස් දක්වා විහිදේ.

පාර්ලිමේන්තු සංකීර්ණය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වෙත ගෙන ඒමට තීරණය කිරීමත් සමඟ මෙම ප‍්‍රදේශයේ වගුරු බිම් ප‍්‍රමාණයේ පැහැදිලි වෙනසක් සිදුවිය. පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේදී එහි දැනට පවතින භුමිය ගොඩකර සංවර්ධනය කරන ලද අතර ඒ අවට ප‍්‍රදේශය ජලාශයක් ලෙස නිර්මාණය කරන ලදී. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය වටා වූ ජලාශයට මායිම්ව වැටී ඇති වන ආවරණය සහින වගුරු භූමිය, අතිරික්ත වැසි ජලය රඳා තබා ගැනීමට  සමත්ව ඇත.

වගුරු බිම් කැලිකසල ගොඩ ගැසීමට භාවිතා කිරීම නාගරික ජනතාව විසින් සිදු කෙරේ. එහි ප‍්‍රතිඑලයක් ලෙස දිගු කලක සිට මෙම බිම් ගොඩකර නිවාස සෑදිමේ කාර්යය සඳහා සහ ඉවතලන කුණු අපද්‍රව්‍ය රුස්කිරීමේ භූමි ලෙස යොදා ගැනුනි. මේ හේතුවෙන් වර්තමානයේ වගුරු බිම් වූකලී පරිසර පද්ධති අතරින් වඩාත් තර්ජනයට ලක්වූ පරිසර පද්ධති ගණයට වැටේ.

මූලික වශයෙන් ගත් කල තෙත්බිම්  සහ ඒ අවට ප‍්‍රදේශවල ප‍්‍රධාන ප‍්‍රයෝජන 3 ක්  හදුනා ගෙන ඇත. එනම් ,

  1. තෙත් බිම් අධික වර්ෂා අවස්ථාවන්හි අතිරික්ත ජලය රඳවා තබා ගන්නා තාවකාලික ජලාශ ලෙස ක‍්‍රියා කරයි.  මෙමඟින් ගංවතුරින් අවට ප‍්‍රදේශයට සිදුවිය හැකි තර්ජනය මඟ හැරේ.
  2. කාර්යක්ෂමව අපවිත‍්‍ර ජලය ගලා බස්නා පද්ධතියක් නොමැතිවිටදී මෙම තෙත් බිම් ,ඒවා අවට  ජීවත් වන ජනතාව බැහැර කරනු ලබන අපවිත‍්‍ර ජලය රඳා ගැනීමේ කාර්යය ඉටු කරයි.
  3. වර්තමානයේ තෙත් භූමි පාලනයකින් තොරව ගොඩ කිරීමට භාජනය වී ඇති අතර දැනට මෙම ප‍්‍රදේශ විශාල වශයෙන් නිවාස සංකීර්ණ හා වෙළඳ සංකීර්ණ ගොඩනැගීම සඳහා යොදා ගෙන ඇත.

කාර්‍යක්ෂම කලමණාකරණයක් නොමැති බැවින් දැනට කෝට්ටේ නගරයේ ඇති තෙත් බිම් ප‍්‍රමාණ සීඝ‍්‍ර ලෙස අඩුවෙමින් පවතී. නගරයේ ඇතැම් ස්ථාන දැනටමත් ගංවතුර තර්ජනයට ලක්ව තිබීම  මෙහි අහිතකර ප‍්‍රතිඑලයක් වේ. 

සත්ව සම්පත :-

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ප‍්‍රදේශය ඉතා අධික ජෛව විවිධත්වයකින් යුත් ප‍්‍රදේශයක් ලෙස දැක්විය හැකිය. මෙම ප‍්‍රදේශය තුල දැනට විවිධ සත්ව විශේෂ 115 ක් පමණ සිටින බව වාර්තා වී ඇති අතර මින් වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ලඳු කැළැ හා අත්හැර දමන ලද කුඹූරු වලය. ගොඩ කරන ලද භූමි ප‍්‍රදේශ වැසි කාලයන්හිදී තාවකාලික වගුරු බිම් ලෙස පවතින අතර මෙම ස්ථාන විශේෂ කුරුළු වර්ග සඳහා තාවකාලික නවාතැන් පලවල් සේ කටයුතු කරයි.

සත්ව වර්ගය

විශේෂ ගණන

සමනලුන්

12

මත්ස්‍යයින්

17

උභය ජීවින්

08

උරගයින්

07

පක්ෂීන්

64

ක්ෂීරපායී

07

මුළු එකතුව

115

 ශාක සම්පත

වගුරු බිම් ඉතා අනාදිමත් කාලයක සිට රොන්මඩ සහ කාබනික ද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් පෝෂණයට පත් වූ ප‍්‍රදේශ ලෙස සැලකිය හැකිය. එවැනි බිම් බොහෝ අවස්ථාවන් හිදී තෙත් බිම් හා වියලි බිම් අතර අතරමැදි අවස්ථාවක් පවතින අතර එහි පස අධික කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් බැවින් බීජ හා පැලෑටි වර්ධනය සඳහා ඉතා සුදුසුය.

මෙහි ප‍්‍රතිඑලයක් ලෙස මෙම වගුරු බිම් මේ වන විට ඉතා හොඳ ශාක විවිධත්වයකින් යුක්තය . මෙම ශාක විවිධත්වය පක්ෂීන් හා සතුන් සඳහා වටිනා අභිජනන, සෙවණ හා ආහාර ලබා දෙන ස්ථාන ලෙස ක‍්‍රියා කරයි. නමුත් පාලනයකින් තොර ව මෙම ප‍්‍රදේශ එලිපෙභෙලි කර විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන ඇත. වී ගොවිතැන සඳහා යොදා ගනු ලැබූ කුඹුරු ඉඩම් බොහෝ විට අත්හැර දමා ඇති අතර මෙවැනි පාළු ඉඩම් පඳුරු සහ ලඳු කැලෑ වලින් වැසී ඇත. මෙවැනි භූමි ප‍්‍රදේශ තුල සුලභව දැකිය හැකි ශාක විශේෂ 3 කි.එනම්,

1. වෙල් ආතා ( Annona glabra )

2. ගොන් කදුරු ( Cebera manghas )

3. ගඳපාන ( Lantana camara ) 

වගුරු බිම්

වගුරු බිම් ප‍්‍රධාන වශයෙන් ගත් කල වැදගත් ක‍්‍රියාවන් රැසකට ඉටු කරයි. එනම් ,

1. රොන්මඩ හා කාබනික ද්‍රව්‍ය තැන්පත් කරන ස්ථාන ලෙස ක‍්‍රියා කරයි.

2. පෝෂ්‍ය ද්‍රව්‍ය රඳවා තබා ගන්නා ස්ථාන ලෙස ක‍්‍රියා කරයි.

3. විෂ අපද්‍රව්‍ය ඉවත් කරන ස්ථාන ලෙස ක‍්‍රියා කරයි.

4. වැඩි වැසි ජලය රඳවා ගන්නා ස්ථානයක් ලෙස ක‍්‍රියා කරයි.

මෙම ක‍්‍රියා වල ප‍්‍රතිඑලයක් ලෙස වගුරු බිම් ඒ මතින් ගලා යන ජලය පිරිසිදු කිරීමේ අනර්ඝ කාර්යය  සිදු කරයි. තවද මෙම ප‍්‍රදේශයෙහි ඇති වගුරු බිම්වල මුලික වශයෙන් දැකිය හැකි ශාක වර්ග ලෙස Cyprus spp , Rhyncos pora corymbosa  දැක්විය හැකි අතර මෑතකදී අත්හරින ලද කුඹුරු ඉඩම් වල මීට අමතරව නොයෙකුත් තෘණ වර්ග හා පැලෑටි වර්ග දක්නට ඇත. මේවායේ දක්නට ඇති ශාක විශේෂ අතුරින්  Annona glabra ශාකය මූලික වන අතර එය ජලාශ‍්‍රිතව වැඩී ඇත. මෙම ශාකය එම ස්ථානයන්හි වගුරුබිම් සීඝ‍්‍ර ලෙස ගොඩබිම් බවට පරිවර්තනය කරයි. 

ජලජ ප‍්‍රජාව

කෝට්ටේ බල ප‍්‍රදේශය තුල වූ මුළු භූමි ප‍්‍රමාණයෙන් 12% ක පමණ ප‍්‍රදේශයක් ඇල මාර්ග සඳහා වෙන් වී ඇති අතර එම ඇල මාර්ග පද්ධතියේ මුළු දිග 34 Km පමණ වේ.

ජීවන වෘත්තිය ලෙස මහා පරිමාණයෙන් මාළු ඇල්ලීම මෙම ප‍්‍රදේශය තුල තහනම් වන අතර දැනට ඇතුල්කෝට්ටේ පාලම මත මිනිසුන් දැල් භාවිතා කොට ඉතා සුළු වශයෙන් මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරත වේ.

විවෘත ඇල මාර්ගයන්හි පුධාන ජලජ ශාක ලෙස Eichonia crassipes µමම ශාකය ව්‍යාප්ත  වී ඇති අතර මීට අමතරව මෙම ශාකය අතුරු ඇල මාර්ගයන්හි ද දක්නට ඇත. ඇල මාර්ගයන්හි ඉතා ගැඹුරු ස්ථාන වල  Nymphea pubescerce ශාකය වැවී ඇත.

මෙම ඇල මාර්ග පද්ධතියේ විශාල ප‍්‍රමාණයක නඩත්තුව නොසැලකිලිමත් ලෙස අත්හැර දමා ඇති අතර බොහොමයක් ඇල මාර්ගයන්හි ඉවුරු කඩා වැටී ඇත.ජනගහනය අධික නාගරික ප‍්‍රදේශයන්හි නොසැලකිලිමත් ලෙස කැලි කසල සහ මල අපද්‍රව්‍ය එක් කිරීම සුලභව දැකිය හැකිය. අඩු ආදායම් ලබන පුද්ගලයන් මෙම ඇල මාර්ග දෙපස ඇති රක්ෂිත ප‍්‍රදේශය ඔවුන්ගේ තාවකාලික වාසස්ථාන තැනීමට යොදා ගැනීමත් මෙම ඇල මාර්ග තවතවත් පරිහානියට ලක් වීම කෙරෙහි තදින් බලපා ඇත.

මෙම බරපතල තත්වය නැවත යථා තත්වයට පත්කිරීම සඳහා ඇල මාර්ග අළුත්වැඩියා කිරීම , ඇල පද්ධති පවිත‍්‍ර කිරීම කල යුතුය. බොහෝ ස්ථාන වලදී මෙම ඇල මාර්ග  Salvinia molasta නම් වූ ඉතා හානි කර ජලජ පැලෑටිය  මඟින් වසා ගෙන ඇත. ඉතා සීඝ‍්‍රයෙන් පැතිරී යන මෙම පැලෑටිය හේතුවෙන් ජලය ගලා යාම අවහිර වී එම ජලය දූෂණයට ලක් වී ඇත. මෙම තත්වයන් මෙම ඇල මාර්ග අවට ජීවත් වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපානු අත. 

භෞතික තත්වය :-

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ගංගා ඇල දොල හා වෙනත් ජලාශ :-

ග‍්‍රාම නිලධාරී වසම

ගංගා ඇල දොල හා වෙනත් ජලාශ

514 වැලිකඩ නැගෙනහිර

හීන් ඇල , දියවන්නා අතු ඇල

514 ඒ වැලිකඩ බටහිර

හීන් ඇල

514 බී රාජගිරිය

-

514 සී ඔබේසේකරපුර

-

514 ඩී වැලිකඩ උතුර

හීන් ඇල

519 නුගේගොඩ

-

519 ඒ පාගොඩ

පානදුර ඇල ( දියවන්නා ඇල )

519 බී නුගේගොඩ බටහිර

දියවන්නා ඔය , පානදුර ඇල , කුරුළු බැද්ද වගුරු බිම

519 සී පාගොඩ නැගෙනහිර

කටු ඇල ( ආරම්භක ස්ථානය )

520 නාවල බටහිර

නාවල ඇල  (හීන් ඇල ) , (දෙපා ඇල )

520 ඒ කොස්වත්ත

දියවන්නා ඇල

520 බී නාවල නැගෙනහිර

දියවන්නා ඇල

521 ඇතුල්කෝට්ටේ

දියවන්නා ඔය

521 ඒ ඇතුල්කෝට්ටේ බටහිර

පානදුර ඇල , දියවන්නා ඔය

522 පිටකෝට්ටේ බටහිර

දියවන්නා ඇල

522 ඒ පිටකෝට්ටේ නැගෙනහිර

දියවන්නා ඇල

522 බී පිටකෝට්ටේ

පිට දිය අගල ( පුරා විද්‍යා දෙපාර්තමේන්තුව )

526 ගංගොඩවිල උතුර

-

526 ඒ ගංගොඩවිල දකුණ

කටු ඇල

526 සී ගංගොඩවිල නැගෙනහිර

-

News & Events

09
අගෝ2018
මනෝ විද්‍යාත්මක උපදේශන හා ධාරිතා සංවර්ධන වැඩමුළුවේ ප්‍රථම අදියර

මනෝ විද්‍යාත්මක උපදේශන හා ධාරිතා සංවර්ධන වැඩමුළුවේ ප්‍රථම අදියර

මනෝ විද්‍යාත්මක උපදේශන හා ධාරිතා සංවර්ධන වැඩමුළුවේ...

09
අගෝ2018

ග්‍රාම ශක්ති වැඩසටහන රාජගිරියේදී

වසර 2020 වන විට ගම් 15,000 ජනතාවකගේ...

Scroll To Top