vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

අපගේ සේවාවන්

හැදුනුම්පතක් මුල්වරට සකස් කිරිම

  • හැදුනුම්පතක් මුල්වරට සකස් කිරිමට අවු.15 සම්පුර්ණ විය යුතුය.
  • අවු.15 පසු වු විට රු.2500/= දඩයක් අය වේ.
  • මුල්වරට සකස් කිරිම සදහා පහත දක්වා ඇති අයදුම්පත සමග අවශ්‍ය ලේඛන ග්‍රාම නිලධාරි මගින් සාමන්‍ය සේවයට හෝ එක්දින සේවයට යොමු කිරිම.
  • අයදුම්පත්‍රය
  • උප්පැන්න සහතිකයේ මුල්පිටපත
  • පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවකින් ලබා ගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය

හැදුනුම්පත් සංශෝධනය කිරිම

  • අදාළ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමග ඉදිරිපත් කල යුතුය.
    • පැරණි හැදුනුම්පත
    • පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවකින් ලබා ගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය
    • උප්පැන්න සහතිකයේ මුල්පිටපත
    • පැරණි හැදුනුම්පත විනාශ වී පළුදු වී ඇත්නම් හැදුනුම්පත භාවිතා කල බවට ලිඛිත සාක්ෂි
    • එක්දින සේවා ගාස්තුව රු.2500/=

නැති වු හැදුනුම්පත නැවත සකස් කිරිම (අනුපිටපත් )

  • අදාළ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමග ඉදිරිපත් කල යුතුය.
    • පොලිස් වාර්තාව
    • උප්පැන්න සහතිකෙයේ මුල්පිටපත
    • පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවකින් ලබා ගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය
    • හැදුනුම්පත් අංකය භාවිතා කල බවට ලිඛිත සාක්ෂි (පාස්පෝට්, බැංකු පොත,රියදුරු බලපත්‍ර )
    • එක්දින සේවා ගාස්තු රු.3000/=

 

ඉහත සදහන් මුල්වරට සකස් කිරිම, සංශෝධනය කිරිම හා අනුපිටපත් හැදුනුම්පත් සැකසීම සාමන්‍ය සේවය යටතේ දී ග්‍රාම නිලධාරි මගින් යොමු කළ යුතුය.

එක්දින සේවයට යොමු කිරිමේදී ග්‍රාම නිලධාරි සහතික කිරිමෙන් අනතුරුව අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත යොමු වීම.

 

වැඩිදුර තොරතරු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේන්තුවේ පහත පිවිසුම භාවිතා කරන්න

සෑම පුරවැසියෙකුටම ඕනෑම රාජ්‍ය ආයතනයක් සතුව පවත්නා වූ පුරවැසියෙකුගේ අයිතියක් ක්‍රියාත්මක කිරීම හෝ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වූ තොරතුරක් වෙත නීතියෙන් සලසා ඇති පරිදි ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර ඇති පනත 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත වේ.

උක්ත පනත යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට/කොට්ඨාසයට අදාල තොරතුරු ලබාදීම පිණිස RTI 01 දරණ අයදුම්පත භාවිතා කරමින් තොරතුරු ලබාගැනීම පිණිස වන ඉල්ලීම හෝ ඉල්ලීම් ලිපියක් මගින් හෝ වාචිකව හෝ අයදුම් කල හැකිය.

තොරතුරු ලබාගැනීම පිණිස අයදුම් කිරීම

  1. අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා අංක RTI 01 දරණ අයදුම්පත, ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරී හට ඉදිරිපත් කර ඒ ලද බවට පිලිතුරක් ලබාගන්න.
  2. ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදිය හැකි/නොහැකි බව හැකි තරම් ඉක්මනින් නැතිනම් දින දහහතරක් තුළ එසේ ඔබට දැනුම් දෙනු ඇත.
  3. ඉල්ලා ඇති තොරතුරු නිකුත් කිරීමට තීරණය කරනු ලබනා අවස්ථාවලදී යම් ගාස්තුවක් ගෙවිය යුතු වන්නේ නම් කොමිසම විසින් නියම කර ඇති අදාල ගාස්තුව ඔබට දැනුම් දෙනු ඇත. නියම කර ඇති ගාස්තු ගෙවීම මත හෝ එවන් ගාස්තුවක් නැති නම් නොමිලේ දින දහහතරක් තුළ ඔබට ඉල්ලා ඇති තොරතුරු සපයනු ඇති අතර යම් හෙයකින් ගෙවීම් කල පසුව අදාල තොරතුරු දින දහහතරක් තුළ ලබාදීම අසීරු නම් තොරතුරු නිලධාරී ඔබට කාලය දීර්ඝ කිරීමට හේතු දන්වමින් අතිරේක දින 21ක් නොඉක්මවන කාලයක් තුළ ඔබට තොරතුරු ලබාදෙනු ඇත.
  4. ඉල්ලා ඇති තොරතුරු කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ පුද්ගලිකත්වයට සම්බන්ධ වන කල්හී ඉල්ලීම සිදුකර පැය හතලිස් අටක් තුළ ඊට ප්‍රතිචාර දැක්විය යුතුය.
  5. ඔබ විසින් ඉල්ලන ලද තොරතුරු සම්බන්ධයෙන් ඔබට ලැබෙනා පහත ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් නොවන්නේ නම් දින දහහතරක් තුළ නම් කර ඇති නිලධාරී හට අභියාචනයක් ඉදිරිපත් කල හැකිය.
  • තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම
  • 5 වන වගන්තිය යටතේ ලබාදීමෙන් වැලකී සිටිය හැකි තොරතුරක් යන පදනම මත තොරතුරු සඳහා ප්‍රවේශය ප්‍රත්ක්ෂේප කිරීම.
  • පනත මගින් දක්වා ඇති කාල රාමුවට අනුගත නොවීම.
  • අසම්පූර්ණ, නොමගයවනසුළු හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම.
  • අධික ගාස්තු අයකිරීම.
  • ඉල්ලා ඇති ආකාරයෙන් තොරතුරු සැපයීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම .
  • තමන් විසින් ඉල්ලා සිටින ලද තොරතුරු වෙත පිවිසුම වලක්වාලනු පිණිස ඒවා විකෘති කර, විනාශ කර, හෝ අස්ථානගත කර ඇතැයි ඉල්ලීම ඉදිරිපත් කරනා පුරවැසියා හට විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇති අවස්ථාවලදී.

තොරතුරු නිලධාරී

නම               :       එච්.එම්.විරාජි මිය

තනතුර         :         සහකාර ප්‍රාදේශීය ලේකම්

ලිපිනය         :         ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දුරකථන       :         +94 112863056

ෆැක්ස් අංකය :         +94 112863090

විද්‍යුත් තැපෑල         :         This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නම් කල නිලධාරී

නම               :       කසුන් ඈපා සෙනෙවිරත්න

තනතුර         :         ප්‍රාදේශීය ලේකම්

ලිපිනය         :         ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දුරකථන       :         +94 112863056

ෆැක්ස් අංකය :         +94 112863090

විද්‍යුත් තැපෑල         :         This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

RTI Forms

Information Application (RTI-01)

Acknowledgement (RTI-02)

Register of Information Requests (RTI-03)

Decision to Provide Information (RTI-04)

Rejection of Information Request (RTI-05)

Extension of time period to provide information (RTI-06)

Communication to Third Party (RTI-07)

Acceptance of Appeal (RTI-08)

Act No. 12 of 2016 Register of Appeal (RTI-09)

Main Functions

  1. Registration of birth and death certificates.
  2. Issuing birth certificates.
  3. Modifying birth certificates.
  4. Issuing certificates through online services.

Sri Jayawardhanepura Kotte - Cultural Art Council
Sri Jayawardhanepura Kotte -  Art Center
Honorary Patron Rev. Urugamuwe Dhammadassi Thero
Executive Chairman Mr. Kasun Epa Senevirathne - Divisional Secretary 
Chief Patron  Mr Jayantha Peiris -Veteran Journalist
Coordinator Mrs. Sugandhika Gamaarachchi - Cultural Officer
Hon. Chairman Visharada Nanditha Ranatunga
Hon. Vice President Mr.S.Mohotti
Hon. Secretary Sangeeth Nipun Sadhana Ranatunaga
Hon. Deputy Secretary Mrs. K.M.P.L.Dias
Honorable Treasurer Ms. Pradeepa Samanjali (BA)
Working Committee Mr. Cyril Ariyapala
Mrs.Retha Weeraratne
Mr Suresh Khanna 
Mr. Sunil Hemantha de Silva
Mrs. Gayani Senarath
Mr. Hasantha Elgiriyevithana
Mr.Dayadeva Edirisinghe 

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top