- 01. ඡන්දහිමි නාම ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන යාම
2021 අංක 22 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනතින් සංශෝධිත 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියපදිංචි කිරීමේ පනත ප්‍රකාරව අදාල වර්ෂයේ පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන, උක්ත පනත යටතේ සුදුසුකම් ලබන හා අදාල ප්‍රදේශයේ/වසමේ සාමාන්‍ය පදිංචියක් පවත්වාගෙන යන සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් තමන් පදිංචිව සිටින වසමේ ග්‍රාම නිලධාරී/ ගණන් ගන්නා නිලධාරී වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ER ආකෘතිය සම්පූර්ණ කර ගෘහ මූලිකයා අත්සන් තබා භාරදී ඡන්දහිමි නාම ලේඛනයේ නම් පවත්වාගෙන යා යුතුය.
- 02. යොවුන් පුරවැසියන් ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් කිරීම
අදාල වර්ෂයේ පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ කරන උක්ත පනත යටතේ සුදුසුකම් ලබන හා අදාල ප්‍රදේශයේ/වසමේ සාමාන්‍ය පදිංචියක් පවත්වාගෙන යන සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් තමන් පදිංචිව සිටින වසමේ ග්‍රාම නිලධාරී/ ගණන් ගන්නා නිලධාරී වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන YC ආකෘතිය සම්පූර්ණ කර ගෘහ මූලිකයා එහි අත්සන් තබා ජාතික හැඳුනුම්පතේ හෝ උප්පැන්න සහතිකයේ පිටපතක් සමග භාරදිය යුතුය.
- 03. තාවකාලික පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තාවකාලිකව හෝ කුමන පදනමක් යටතේ හෝ සාමාන්‍ය පචිංචියක් පවත්වා ගනිමින්, රාත්‍රී කාලයේ නේවාසිකව රැදී සිටින සියළුම පුද්ගලයින් 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනතේ 76 වගන්තිය ප්‍රකාරව, පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිල ආකෘතියේ තොරතුරු සටහන් කර පිටපත් දෙකකින් අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත භාරදිය යුතුය. පොලිස් ස්ථානය විසින් නිලමුද්‍රාව සහිතව භාරගත් බවට සටහනක් යොදා නිකුත් කරන ආකෘතියේ ඡායා පිටපතක් තමන් පදිංචිව සිටින වසමේ ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කල යුතුය.




































