Name  Designation  Role
 Dhammika Udawatta  Child Rights Promotion Officer  To protect and promote the rights of children in the division.
 Nilmini Priyadarshani  Early Childhood Development Officer

 Coordinating with all government, non-governmental, and private institutions at the Divisional Secretariat level regarding the care and development of children under 5 years of age in the division.

Creating, implementing, guiding, and supervising programs and reporting to the National Secretariat for Early Childhood Development.

 H.G.D. Hashanthi  Regional Child Protection Officer  To work towards the prevention of child abuse and to coordinate activities related to ensuring the safety of children who have been victims of such abuse.
 K.A. Nayana Nandani Perera  Women's Development Officer

 Carrying out and coordinating all activities related to women's development, including the socio-economic empowerment of women.

Protecting women's rights and preventing violence against women.

Providing relief to victims of violence.

 Dilhani Thanuja Gomez  Women's Development Field Assistant

 Protecting women's rights and preventing violence against women.

Providing relief to victims of violence / Women's development activities.

Mr. K.A.Y. Jayaprasad National Integration Officer

Implementing relevant programs to promote National unity and coexistence within the division

S. Nirmani Kulathilake Agricultural Development Officer  Implementing, following up and reporting progress of projects implemented by the Ministry of Agriculture through the Divisional Secretariat Division
Organizing and preparing of reports of Regional Agriculture Committee
Aruni Chathurika Fernando

Development Officer (Cultural)

Department of Cultural Affairs

Central Government Central Government

Welfare activities for Artists

Human resource development related to the arts sector

Mr. Nishantha Liyanage

Development Officer (Cultural)

Department of Cultural Affairs

Western Province

Welfare activities for  Artists

Human resource development related to the arts sector

Mrs. Anusha Sagarika

Science and Technology Officer

To provide scientific and technical knowledge to promote the community's life and economy
Mrs. Asha Perera Sports Officer Implementing all sports development activities in the division through the establishment of sports clubs covering all Grama Niladhari divisions

නම

තනතුර

කාර්යභාරය

ධමිමිකා උඩවත්ත

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී

·        කොට්ඨාශයේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම

නිල්ම්ණි ප්‍රියදර්ශනී

මුල් ළමාවිය සංවර්ධන නිලධාරී

·        කොට්ඨාශය තුළ වසය අවුරුදු 5ට අඩු දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මටටමින් සියලු රාජ්‍ය, රාජ්‍ය නොවන,පෞද්ගලික ආයතන සම්බන්ධිකරණය

·        වැඩසටහන් නිර්මාණය කිරිම,ක්‍රියාත්මක කිරිම,මෙහෙයවිම හා අධීක්ෂණය කර මුල්ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට වාර්තා කිරිම.

එච්.ජි.ඩි.හෂන්ති

ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී

·        ළමා අපචාර වැලැක්වීමට කටයුතු කිරිම හා එවැනි අපචාරවලට ගොදුරු වු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අදාල කාර්යයන් සම්බන්ධීකරණය කිරීම

කේ.ඒ.නයනා නන්දනී පෙරේරා

වනිතා සංවර්ධන නිලධාරි

·        කාන්තවන් සමාජ ආර්ථික වශයෙන් සවි බල ගන්වීම ඇතුළු කාන්තා සංවර්ධනයට අදාල සියලු කටයුතු සිදු කිරිම සහ සම්බන්ධිකරණය කිරීම.

·        කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා   කාන්තා හිංසනය වැලැක්වීම.

·        හිංසනය‍ට ලක් වූවන් සදහා සහන සැලසීම.

දිල්හානි තනූජා ගෝමස්

         

වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර

·        කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා කාන්තා හිංසනය වැලැක්වීම.

·        හිංසනය‍ට ලත්වූවන් සදහා සහන සැලසීම/ කාන්තා සංවර්ධන කටයුතු

සමාජ සේවා අංශය

 

කාර්යයන්:-

  • විවිධ දීමනා ගෙවීම
  • වැඩිහිටි දීමනා ගෙවීම
  • ආබාධිත දීමනා ගෙවීම
  • වකුගඩු දීමනා ගෙවීම
  • සියවස්පූර්ණ දීමනා ගෙවීම
  • වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම
  • ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මඟින් ලබා දෙනු ලබන පහත සඳහන් ආධාර එම ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ විධිවිධානයන්ට අනුකූලව ලබා දීම
  • නිවාස ආධාර
  • වැසිකිළි ඉදිකිරීම් ආධාර
  • ආධාරක උපකරණ ලබා දීම
  • විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන ආධාර
  • ශ්‍රවණ උපකරණ ලබාදීම හා ශ්‍රවණ උපකරණවල උපාංග මිලදී ගැනීමට ලබා දෙන ආධාර
  • ස්වයං රැකියා ආධාර
  • අධ්‍යාපන ආධාර
  • වෛද්‍යාධාර
  1. ජාතික වැඩිහිට මහලේකම් කාර්යාලය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙනු ලබන වෛද්‍ය ආධාර ඇතුළු ආධාරක උපකරණ එම ලේකම් කාර්යාලයේ චක්‍රලේඛ විධිවිධානයන්ට අනුකූලව ලබා දීම

 

 

  • වැඩිහිටි දීමනා ගෙවීම :- වයස අවුරුදු 70 ව ඉක්මවූ අඩුආදායම් ලාභි වැඩිහිටියන් සඳහා ගෙවීම් සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රය සම්පූර්ණ කර අදාල වසමභාර ග්‍රාම නිලධාරී මඟින් සහතික කර භාරදිය යුතුය.
  • ආබාධිත දීමනා ගෙවීම :- අඩු ආදායම්ලාභී ආබාධීත තැනැත්තන් සඳහා ගෙවීම් සිදු කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රය සම්පූර්ණ කර වෛද්‍ය නිර්දේශයද සහිතව අදාල වසමභාර ග්‍රාම නිලධාරී මඟින් සහතික කර භාරදිය යුතුය.
  • වකුගඩු දීමනා ගෙවීම : වකුගඩු රෝගීන් සඳහා ගෙවීම් සිදු කෙරේ.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රය සම්පූර්ණ කර වෛද්‍ය නිර්දේශයද සහිතව අදාල වසමභාර ග්‍රාම නිලධාරී මඟින් සහතික කර භාරදිය යුතුය.
  • සිවස් පූර්ණ දීමනා ගෙවීම :- වයස අවුරුදු 100 සපිරුණු පුද්ගලයින් සඳහා ගෙවීම් සිදු කෙරේ. වයස අවුරුදු 100 සපිරුණු පුද්ගලයින් විසින් හෝ ඔහුගේ /ඇයගේ භාරකරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා ලද අයදුම්පත සම්පූර්ණ කර අදාල වසමභාර ග්‍රාම නිලධාරී මඟින් සහතික කර භාර දිය යුතුය.
  • වැඩිහිටි හැදුනුම්පත නිකුත් කිරීම :-වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පුරවැසියන් සඳහා නිකුත් කරනු ලැබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා ලද අයදුම් පත සම්පූර්ණ කර ජාතික හැදුනුම්පතේ පිටපතක් සහ උප්පැන්න සහතිකයේ පිටපතක් , ජායා රෑප දෙකක් සමඟ භාරදිය යුතුය.

ආයතන අංශයේ කාර්යභාරය

01. කාර්යාලයේ සියළුම නිලධාරීන්ගේ ආයතනික හා පරිපාලන කටයුතු සිදු කිරීම

02.ආයතනයේ තැපෑල සම්බන්ධ කටයුතු කිරීම

03.කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම

04. ආදායම් සහතික වටිනාකම් සහතික නිකුත් කිරීම

05. ආයතනයේ වාහන නඩත්තු කටයුතු

06. ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම

07. ආයතනයේ වත්කම් නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම

08. ආයතනයට අදාල ජල, විදුලි, දුරකථන බිල්පත් හා වරිපනම් ගෙවීම

09.මැතිවරණ හා සම්බන්ධ කටයුතු සිදු කිරීම

10. දැව, මත්පැන්, පස් වැලි, උකස්, ගව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

11. ව්‍යාපාර නාම ලියාපදිංචිය

12. අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම

13. ජනාධිපති අරමුදලින් කරනු ලබන ගෙවීම් සම්බන්ධ කටයුතු

14. විදුලි පරීක්ෂණ වලට අදාල කටයුතු සිදු කිරීම

15. කොට්ඨාශ දින, මාණ්ඩලික රැස්වීම් ක්ෂේත්‍ර නිලධාරී රැස්වීම් වලට අදාල කටයුතු සි කිරීම

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

Scroll To Top