vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

සමාජ සුභසාධන සහ සහන


සමාජ සේවා හා සමාජ සුභ සාධන


  1. ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම නිර්දේශ කිරීම
  2. මහජනාධාර ගෙවීම
  3. වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම
  4. වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
  5. ආබාධ සහිතවූවන්ට උපකරණ ලබා දීම
  6. ආබාධ සහිතවූවන් පුණරුත්ථාපනය කිරීම
  7. ආබාධිත හා මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබා දීම
  8. ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
  9. රෝගාධාර ගෙවීම්
  10. ස්වේච්ඡා හා සමජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම
  11. විස්තීරන ආපදා ගෙවීම්
  12. අනියම් සහනාධාර ගෙවීම
  13. ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
  14. වල්අලි හානි වන්දි ගෙවීම
  15. සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම
  16. උපදේශන සේවාවන් සැපයීම
  17. හඳුනා නොගත් වාහන වලින් අනතුරු වලට භාජනය වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
  18. දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් හෝ වෛද්‍යාධාර සැපයීම


ජනාධිපති අරමුදලින් ආධාර ලබාදීම නිර්දේශ කිරීම


අරමුණ

විශේෂිත රෝගාබාධයකින් පෙලෙන අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා මූල්‍යාධාර ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යාධාර නිර්දේශ කරනු ලැබූ රෝගියෙක් වීම
  • එම වියදම දැරීමට නොහැකි ආර්ථික මට්ටමක පසුවීම

අවශ්‍ය ලිපි ලේඛන

පුද්ගලයාගේ ඉල්ලීමට අනුව ජනාධිපති කාර්යාලයෙන් එවනු ලබන අයදුම්පතෙහි පිටපත හා ආවරණ ලිපිය


මහජනාධාර ගෙවීම්


අරමුණ

අඩු ආදායම් හා විශේෂ සහනයන් අවශ්‍ය පවුල් සඳහා යැපීම් දීමනාවක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • මාසික ආදායම රු 1500 ට වඩා අඩු වීම
  • වයෝවෘද්ධ වීම
  • ශාරීරික හා මානසික දුබලතාවයන්ගෙන් පෙලීම
  • වැන්දඹු, ස්වාමියා අත්හල, ස්වාමියා සුවකල නොහැකි රෝගයකින් පෙලෙන හා ස්වාමියා සිරගත වූ කාන්තාවන්
  • අවු 16 ට අඩු අනාථ හා ශාරීරික මානසික ආබාධ සහිත දරුවන් වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • ශාරීරික හා මානසික රෝගීන් සඳහා වෛද්‍ය වාර්තා
  • ග්‍රාම නිලධාරි / සමාජ සේවා නිලධාරී නිර්දේශය සහිත ස.සේ.ම.ආ. (1) / (02) ආකෘතිය


වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම


අරමුණ

කිසිවෙකුගේ පිලිසරණක් නොමැතිව සිටින වැඩිහිටියන් සඳහා රැකවරණය සැපයීම

අවශ්‍ය සුදුසුකම්

  • වයස අවු 60 ට වැඩි විය යුතුය
  • තමන්ව රැකබලා ගැනීමට කිසිවෙක් නැති ජීවත් වීමට කිසියම් ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුතුය
  • හොඳ මානසික තත්ත්වයක් තිබිය යුතුයබෝවෙන රෝග හෝ සමාජ රෝග වලින් නොපෙලිය යුතුය

අවශ්‍ය ලිපිලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • එස් එස් / එච් / 1 ඒ දරන අයදුම් පත්‍රය
  • ඉල්ලීම සනාථ කිරීම සඳහා අවශ්‍ය වන ලිපි


වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම


අරමුණ

වැඩිහිටි ජනතාවගේ සුභසාධනය අරමුණු කර ගත් විශේෂිත හැඳුනුම්පතක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අයෙකු වීම

අවශ්‍ය ලිපිලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • වැඩිහිටි හැඳුනුම්පත සඳහා වූ අයදුම් පත්‍රය
  • මුද්දර ප්‍රමාණයේ (සෙ.මි. 3 O සෙ.මි. 2) වර්ණ ඡායා රූප 02 ක්


ආබාධ සහිත වූවන්ට උපකරණ ලබා දීම


අරමුණ

අඩු ආදායම්ලාභී ආබාධිත තත්ත්වයේ පසුවන අයට ඔවුන්ගේ ආබාධිත තත්ත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ලබා දීම (රෝද පුටු, ශ්‍රවන උපකරණ, අක්ෂි කාච, කැලිපස් සපත්තු, ඇස්කණානාඩි, කිහිලිකරු /අත්වාරු, කෘතිමඅත්පා. සුදු සැරයටි)

අවශ්‍ය සුදුසුකම්

අඩු ආදායම්ලාභී හා ආබාධිත තත්ත්වයේ අයෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන

ශ්‍රවණ උපකරණ ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • වෛද්‍ය වාර්තා

රෝද පුටු ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • ආබාධිත තත්ත්වය අනුව රෝද පුටුව අවශ්‍ය වන්නේ කොමඩ් සහිතව ද රහිතවද යන්න පිළිබඳව නිර්දේශය
  • ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වාර්තා

ඇස් කණ්නාඩි ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • ඇස් පරීක්ෂා කරන ලද වෛද්‍ය වාර්තාව

කිහිලිකරු / අත්වාරු ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • වෛද්‍ය වාර්තාව

කෘතිම අත්/පා ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • ජායිපූර් කෘත්‍රිම අත්පා ඉල්ලීමේ අයදුම්පත
  • කෘත්‍රිම පාදයක් ඉල්ලීමේ දී , අබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
  • ප්‍රතිකාර ලබා ගන්නා ලද වෛද්‍ය වාර්තාව

සුදු සැරයටි ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • අන්ධ භාවය සනාථ කරන ලද වෛද්‍ය වාර්තාව

කැලිපස් සපත්තු ලබා දීම

  • අබලතා වාර්තාව
  • රු 3000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
  • ආබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
  • වෛද්‍ය වාර්තාව


ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම


අරමුණ

ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම

අවශ්‍ය සුදුසුකම්

තම දෛනික කටයුතු නිසිආකාරව ඉටුකර ගැනීමට ආබාධ සහිත භාවය ඍජුවම බලපා තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ආබාධ සහිත භාවය තහවුරු කිරීම සඳහා පිළිගත් වෛද්‍ය සහතිකයක්
  • ඉල්ලීමේ ලිපිය
  • අදාල අයදුම් පත්‍රය / ඇස්තමේන්තුව, ව්‍යාපෘති යෝජනාව


ආබාධිත / මහජනාධාර ලාභීන් වෙත පුනුරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබා දීම


අරමුණ

ආබාධිත හා මහජනාධාරලාභී පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය ඉහල නැංවීම

අවශ්‍ය සුදුසුකම්

  • ආබාධිත /  මහජනාධාරලාභී  / වැන්දඹු අයෙකු වීම
  • ස්වයං රැකියාවක් කිරීම සඳහා හැකියාවක් තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • එස් එස්. එච් 1 ඒ ආකෘතිය
  • අදාල ඇස්තමේන්තුව


ආබාධිත තැනැත්තන් සඳහා නිවස ආධාර ලබා දීම


අරමුණ

ආබාධිත තැනැත්තන් සඳහා නිවාස පහසුකම් සැලසීම

අවශ්‍ය දසුදුසුකම්

  • පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ, නිවසක් නොමැති පුද්ගලයෙකු වීම
  • මාසික ආදායම රු 6000 කට අඩු වීම
  • වයස අවු 18 ට වැඩි වීම හා අවු 70 ට අඩු වීම
  • ඉඩමේ අයිතිය තමා සතු වීම හා එය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • ආබාධිත බව සනාථ වන වෛද්‍ය සහතික
  • සහතික කරන ලද ඔප්පු පිටපත
  • කාර්මික නිලධාරී විසින් සහතික කරන ලද ඇස්තමේන්තුව
  • ඇස්තමේන්තුවේ සඳහන් වැඩිපුර මුදල සපයා ගන්නා ආකාරය දැක්වෙන ලිපියක්
  • කාර්මික නිලධාරී විසින් සහතික කරන ලද නිවසේ දළ සැලැස්ම
  • ග්‍රාම නිලධාරී /  සමාජ සේවා නිලධාරී නිර්දේශ වාර්තා


රෝගාධාර ගෙවීම්


අරමුණ

විශේෂිත රෝගයකින් පෙලෙන අඩු ආදායම්ලාභී අයට සහ ඔවුන්ගේ පවුල් වලට සහනයක් සැලසීම

අවශ්‍ය සුදුසුකම්

  • අඩු ආදායම් පවුලක සාමාජිකයෙකු වීම
  • ක්ෂය රෝගය, පිළිකා රෝගය, තැලිසීමියා හා ලාදුරු රෝගය වැලඳීම

අවශ්‍ය ලිපිලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • අදාල රෝගය පිළිබඳ වෛද්‍ය සහතිකය
  • අයදුම්පත්‍රය


ස්වේච්ඡා සහ සමාජසේව සංවිධාන ලියාපදිංචි කිරීම


අරමුණ

ස්වෙච්ඡා සංවිධානයක් රජයේ ලියාපදිංචි කිරීම හා අධීක්ෂණයට ලක් කිරීම

අවශ්‍ය සුදුසුකම්

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතේ සඳහන් කොන්දේසි සපුරා තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • අයදුම් පත්‍ර‍ය
  • සමිතිය සතු විවස්ථාව
  • සාමාජික නාම ලේඛනය
  • නිලධාරී මණ්ඩලයේ නාමලේඛනය
  • පසුගිය වසරේ අයවැය වාර්තාව
  • මහ සභා වාර්තාව සහ පැමිණීමේ නාමලේඛනය
  • බැංකු ගිණුමේ තොරතුරු
  • ගිණුම් පිළිබඳ ගණකාධිකාරවරයෙකුගේ සහතිකය සහිත ගිණුම් ප්‍රකාශය


විස්තීරණ ආපදා ගෙවීම්


අරමුණ

ස්වභාවික සිද්ධියක් නිසා ජනයාට සිදුවන අපහසුතාවන් සඳහා සහන සැලසීම (ආර්ථිකයේ, සමාජීය)

අවශ්‍ය සුදුසුකම්

  • 2007.10.01 දිනැති ජාතික ආපදා සහන සේවා මණ්ඩල 2007/10 දරණ චක්‍රලේඛයෙන් විග්‍රහ කර ඇති ආපදාවන් වලදී සාමාන්‍ය ජන ජීවිත අඩාල වීමට මුහුණ දුන් පුද්ගලයන් වීම
  • පවුලේ මාසික ආදායම රු 3000 ට වඩා අඩු වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • දැනුම්දීමේ ලිපිය හා ග්‍රාම නිලධාරී වාර්තා
  • ජා.ආ.ස.සේ.ම. 01 සිට 12 දක්වා තොරතුරු වාර්තා
  • ග්‍රාම නිලධාරී /  සමාජ සේවා වාර්තා


අනියම් සහනාධාර ගෙවීම


අරමුණ

විපතට පත් වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • ස්වාභාවික හේතූන් මත යම් පුද්ගලයෙකුගේ ස්ථීර දේපල වලට හානි සිදුවී තිබීම
  • අදාල පුද්ගලයාගේ මාසික ආදායම රු 3000 කට වඩා අඩු වීම
  • ආධාර නොමැතිව යථා තත්ත්යට පත්වීමට නොහැකි වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • එස්.එස්.ඩී. 8 ආකෘතිය


ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම


අරමුණ

අඩු ආදායම්ලාභි පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධයාපනයට අවශ්‍ය පහසුකම් සැලසීම

අවශ්‍ය සුදුසුකම්

  • විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබීම
  • අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයෙක් වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්ව විද්‍යාලයෙන් ලබා දෙන අයදුම්පත
  • අදාල විශ්ව විද්‍යාලය වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට මුද්දර කවරයක්
  • අදාල පරිදි වැටුප් විස්තරය / ආදායම් සහතිකය


සමාජ ආරක්ෂ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ පුතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම


අරමුණ

රටේ ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් වෙමින් ස්වයං රැකියාවක හෝ අවිධිමත් අංශයේ රැකියාවක යෙදෙන අය සඳහා රැකවරණය ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • වයස අවු 18 – 59 ත් අතර ස්වයං රැකියාවක හෝ අවිධිමත් අංශයේ රැකියාවක නියුක්ත වූවෙකු වීම
  • මාසික දළ ආදායම රු 3000ට වැඩි හා රු 6000 කට අඩු අයෙකු වීම
  • රජයේ වෙනත් විශ්‍රාම වැටුප් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක් යටතේ ප්‍රතිලාභයකට හිමිකම් නොමැත්තෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද විශ්‍රාම වැටුප් යෝජනා කුමයට බඳවා ගැනීම සඳහා වූ අයදුම්පත
  • තම රැයාව පිළිබඳ හා ලබන ආදායම් සීමාව පිළිබඳ ඉල්ලීම් සනාථ කිරීම සඳහා අවශ්‍ය ලිපි
  • උප්පැන්න සහතික


උපදේශන සේවාවන් සැපයීම


අරමුණ

මානසික ආතතියට පත් වූ ප්ද්ගලයින් සඳහා සහන සැලසීම හා පෞරුෂ සංවර්ධනය

අවශ්‍ය සුදුසුකම්

මානසික ගැටළුවට ලක් වූ පුද්ගලයෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන

අවස්ථානුකූලව ලැබෙන ඉල්ලීම


හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට භාජනය වූ පුද්ගලයන් සදහා වන්දි ගෙවීම


අරමුණ

හඳුනා නොගත් වාහනයකින් සිදුවූ අනතුරකදී විපතට පත් වූ පාර්ශවයන් වෙත සහන සැලසීම

අවශය සුදුසුකම්

  • හඳුනා නොගත් වාහනයකින් අනතුරකින් තුවාල හෝ මරණය සිදුවූ පුද්ගලයෙකු වීම
  • අනතුරු සිදුවී මාස 3 ට පෙර අයදුම් කිරීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • පොලිස් පැමිණිල්ලේ වාර්තාව
  • වෛද්‍ය වාර්තාව
  • NRSS/ Form අංක CAF / 1 ආකෘති පත්‍රය
  • ග්‍රාම නිලධාරී වාර්තාව
  • සමාජ සේවා නිලධාරී වාර්තාව


දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් සැපයීම


අරමුණ

රජයේ රෝහල් වල නොමැති ඖෂධ මිලදී ගැනීමට හා සායන වලට යාමට ඒමට සිදුවන වියදම් පියවා ගැනීමට නොහැකි දිලිඳු පවුල් වල පුද්ගලයින්ට සහන සැලසීම

අවශ්‍ය සුදුසුකම්

  • වෛද්‍ය සහතිකය මත ඖෂධ ලබා ගන්නා (දීර්ඝ කාලීන ඹෟෂධ) රෝගියෙකු වීම
  • එම ඹෟෂධ රජයේ රෝහල් වල නොමැති වීම
  • අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයෙකු වීම
  • පිට පළාත් වල පැවැත්වෙන සායන වලට සහභාගි වීමට සිදුවීම

අවශ්‍ය ලිපි ලේඛන

  • සම්පූර්ණ කරන ලද ආකෘතිය
  • වෛද්‍යවරයා විසින් ඖෂධ නිර්දේශ කරන ලද වාර්තාව
  • ග්‍රාම නිලධාරී. සමෘද්ධි සේවා නිලධාරීගේ වාර්තාව
  • නිර්දේශත ඖෂධ වර්ගය වෙනුවෙන් රජයේ ඔසු සලකින් ලබාගත් ඇස්තමේන්තුවක්

 

ඉඩම් පරිපාලනය යටතේ ලබාදෙන සේවාවන්

  1. රජයට ඉඩම් අත්පත් කර ගැනීම
  2. රජයට අත්පත් කර ගත් ඉඩම් අවසතු කිරීම
  3. රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම
  4. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කල බලපත්‍රයක් අවලංගු කිරීම
  5. රජයේ ඉඩම් කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
  6. රජයේ ඉඩමක් නේවාසික කටයුත් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
  7. දීමනා පත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම
  8. දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා දීම
  9. බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම
  10. බෞද්ධ විහරස්ථාන සඳහා නිදහස් දීමනා පත්‍ර ලබා දීම 
  11. දීර්ඝකාලීන බදුකරය පැවරීම / උගස් කිරීම 
  12. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා දීම

රජයට ඉඩම් අත්පත් කර ගැනීම

අරමුණ

රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවධ පාර්ශවයන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීම

අවශ්‍ය සුදුසුකම්

  • අනුමැතිය ලද අත්පත් යෝජනාව
  • රජයේ අයවැයෙන් මුදල් වෙන් කර තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව
  • ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ දෙවන වගන්තියේ නියමය

රජයට අත්පත් කරගත් ඉඩම් අවසතු කිරීම

අරමුණ

රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවිධ පාර්ශවයන්ගෙන් කඩිනම් ක්‍රමවේදය යටතේ අත්පත් කර ගත් ඉඩම් අතුරින් තවදුරටත් අවශ්‍ය නොවන බව හැඟීයන ඉඩම් නැවත මුල් ඉඩම් හිමියන් වෙත අවසතු කිරීම

අවශ්‍ය සුදුසුකම්

ඉඩම් තව දුරටත් රජයට අවශ්‍ය නොවන බවත් ඒ බැවින් අවසතු කිරීම කල යුතු බවටත් ඉඩම් අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රකාශය හා එයට සමගාමී 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය, ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබිය යුතුය

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉඩම් තවදුරටත් රජයට අවශ්‍ය නොවන බවත්, එබැවින් අවසතු කිරීම කල යුතු බවට ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රකාශය
  • 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය
  • ඉඩම් සදහා වන්දි කිසිවක් ගෙවා නොමැති බවට සහතිකය
  • එම ඉඩම් තුල රජයේ වියදමින් කිසිඳු සංවර්ධන කාර්යයක් සිදු කර නොමැති බවට සහතිකය
  • ඉඩම නැවත භාර ගැනීමට කැමති බවට හිමිකරුගේ / හිමිකරුවන්ගේ සහතිකය

රජයේ ඉඩමක් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම

අරමුණ

රජයේ ඉඩමක් ගොවි පන්තිය, අඩු ආදායම්, සහ උගත් තරුණයන් හා වැඩි ආදායම්ලාභීන් වෙනුවෙන්, සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • ඉඩම් සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීම
  • ඉල්ලුම්කරුට වෙනත් ඉඩම් නොමැති වීම
  • අඩු ආදායම් පන්තියේ හා ගොවි පන්තියේ උගත් තරුණයෙක් වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉඩම් නොමැති තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ ඉල්ලුම්පත්‍රය
  • ඉඩම් කච්චේරිය සඳහා ඉල්ලුම් පත්‍රය

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කළ බලපත්‍රයක් අවලංගු කිරීම

අරමුණ

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දුන් ඉඩම් නිසි පිරිදි සංවර්ධන නොකිරීම සහ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංගඝනය වන පරිදි ක්‍රියා කිරීම නිසා එම ඉඩම නීත්‍යානුකූලව අවලංගු කර ඉඩමේ අයිතිය ආපසු රජය පවරා ගැනීම

රජයේ ඉඩම් කෘෂිකාර්මික වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම

අරමුණ

රජයේ ඉඩම් කෘෂිකාර්මික සංවර්ධන සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත හෝ ආයතන වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියේග 198 වගන්තිය යටතේ සුදුසුකම් ඇති පුද්ගලයන් හෝ ආයතන
  • පුද්ගලයෙක් නම් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/047 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කිරීම

අවශ්‍ය ලිපිලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • ඉඩමෙහි සංවර්ධන තත්ත්වය පිළිබඳ තත්ත්ව වර්තාව
  • 18 වැනි පරිශිෂ්ඨය හෝ 1වැනි පරිශිෂ්ඨයේ වාර්තාව (ඉඩම් නියෝග 199.2 (ඊ)
  • 17 වැනි පරිශිෂ්ඨ(ඉඩම් නියෝග 207.2 (IX) දිවුරුම් ප්‍රකාශය
  • බදු ගෙවන බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශය (ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2009.07.29 දිනැති අංක 4/10/චක්‍රලේඛ/2009/5 දරණ ලිපිය අනුව)
  • ඉඩම යම් ආයතනයක් / දෙපාර්තමේන්තුවට අයත් වේ නම් එම ආයතනවල එකඟතාවය
  • නගර සභා බලප්‍රදේශයක / ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් එම ආයතන සහ අදාල අනෙකුත් ආයතන වල එකඟතාවය
  • ඉඩම් පිඹුරු හෝ දළ අනුරේඛනය

රජයේ ඉඩමක් නේවාසික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම

අරමුණ

රජයේ ඉඩමක් නේවාසික කටයුත්තක් සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම

අවශ්‍ය සුදුසුකම්

  • රජයේ ඉඩම් ආඥාපනතේ ඉඩම් නියෝග 197 වගන්තිය යටතේ සපුරා ඇති තැනැත්තන්
  • ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/04 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කල තැනැත්තන්

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • ඉඩමෙහි සංවර්ධන තත්ත්වය පිළිබඳ තත්ත්ව වාර්තා
  • 18 වන පරිශිෂ්ටය හෝ 19 වෙනි පරිශිෂ්ටයේ වාර්තාව(ඉඩම් නියෝග 199.2 (ඊ)
  • 17 වැනි පරිශිෂ්ඨ(ඉඩම් නියෝග 207.2
  • දිවුරුම් ප්‍රකාශය
  • ඉඩම් යම් ආයතනයක් / ප්‍රාදේශීය සභා, නගර සභා බල ප්‍රදේශයක නම් එම ආයතන වල එකඟතාවය
  • ඉඩමේ පිඹුර‍ හෝ දළ අනු රේඛනය

දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා දීම

අරමුණ

ඉඩම් සංවර්ධන ආඤා පනතේ නිකුත් කල දීමනා පත්‍රයක හිමිකරු හා කාලාත්‍රයාගේ ඇවෑමෙන් පසු ඉඩමේ ඊලඟ උරුමකරු පත් කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • බලපත්‍රයේ පසු උරුමය නම් කර තිබීම
  • ඉඩම් සංවර්ධන ආඥාපනතේ III උප ලේඛනයේ මුල් සුදුස්සා වීම
  • එඟතාවයෙන් පත් කරන උරුමකරු වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • දීමනා පත්‍රයේ මුල් පිටපත
  • නව පත්තිරුව
  • දීමනා පත්‍රකරුගේ හා කාලාත්‍රයාගේ මරණ සහතිකය
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය
  • එකඟතාවයෙන් බත් කරන අයෙකු නම් උරුමකරුගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශයක් මගින්

බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම

අරමුණ

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කල බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම තුලින් බලපත්‍රකරුගේ නීත්‍යානුකූල ස්වාමියා හෝ භාර්යාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • නීත්‍යානුකූල විවාහක ස්වාමියා හෝ භාර්යාව විම
  • මුල් බලපත්‍රකරු මිය ගොස් තිබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීම් ලිපිය
  • බලපත්‍රයේ මුල් පිටපත
  • කාලාත්‍රයාගේ විවාහ සහතිකය
  • බලපත්‍රකරුගේ මරණ සහතිකය

බෞද්ධ විහාරස්ථාන සඳහා නිදහස් දීමනාපත්‍ර ලබා දීම

අරමුණ

බෞද්ධ විහාරස්ථානයක් ලෙ වැඩි දියුණු කර ඇති සහ විහාරාධිපතිවරයෙකු ලෙස පත් කර ඇති රජයේ ඉඩම් වල පිහිටි විහාරස්ථාන වල අයිතිය තහවුරු කිරීම

අවශ්‍ය සුදුසුකම්

  • බෞද්ධ විහාරස්ථානයක් ලෙස වැඩිදියුණු කර තිබීම
  • විහාරාධිපතිවරයෙකු පත් කර තිබීම
  • ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/05 චක්‍රලේඛයේ සඳහන් සුදුසුකම්

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • 5 පරිශිෂ්ටයේ වාර්තාව
  • ඉඩමේ පිඹුර සහ කැබලි විස්තර ලැයිස්තුව
  • ඉඩමේ රේඛා චිත්‍රය
  • ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය

දීර්ඝකාලීන බදුකරය පැවරීම

අරමුණ

දීර්ඝකාලීනව බදු දී ඇති ඉඩම් කොටස වෙනත් අයෙකුට පැවරීම

අවශ්‍ය සුදුසුකම්

ඉල්ලීම් ලිපියක් ලැබීම

අවශ්‍ය ලිපි ලේඛන

  • බදුකරුගේ ඉල්ලීම් ලිපිය
  • පැවරුම්ලාභියාගේ ඉල්ලීම
  • බදුකරයේ සහතික පිටපතක්
  • පත්තිරු වාර්තා
  • පැවරුම් ඔප්පු කෙටුම්පත
  • පැවරුම්ලාභියා ආයතනයක් නම් (අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලේඛනය, ලියාපදිංචි කිරීමේ සහතිකය)

දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම

අරමුණ

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කල දීමනා පත්‍ර ඉඩමක හිමිකරුගේ ඇවෑමෙන් පසු ඉඩමේ අයිතිය ලබා දෙන නීත්‍යානුකූල තැනැත්තා පත් කිරීම

අවශ්‍ය සුදුසුකම්

දීමනාපත්‍රලාභියාගේ නීත්‍යානුකූල විවාහක භාර්යාව හෝ ස්වාමියා වීම

අවශ්‍ය ලිපි ලේඛන

  • ඉල්ලීමේ ලිපිය
  • දීමනා පත්‍රයේ මුල් පිටපත
  • දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
  • ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය
Scroll To Top