vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන

අපේක්ෂිත කාර්යයන් 02 කි.

1.      ‍‍අධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන

2.      දිරිය පියස නිවාස වැඩසටහන (අඩු ආදායම්ලාභී / ආබාධිත)

ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන

1.      අධ්‍යාත්මික සංවර්ධනය.

2.      පවුල් ඒකකය තුල සතුට හා සෙනෙහස ප්‍රවර්ධනය කිරීම.

3.      මත් හා දුම්වැටි නිවාරණ වැඩසටහන්. (මතට තිත)

4.      ළමා ආරක්ෂාව පිළිබදව ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

5.      සාමාජීය හා සංස්කෘතික අංගයන් වැඩිදියුණු කිරීම.

6.      ජාත්‍යන්තර දිනයන්ට සමගාමීව පවත්වන වැඩසටහන්.

6.1.   ජාත්‍යන්තර කාන්තා දිනය - මාර්තු 03

6.2.   ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය - මැයි 31

6.3.   ජාත්‍යන්තර සාක්ෂරතා දිනය - සැප්තැම්බර් 08

6.4.   ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය - ඕක්තෝම්බර් 01

6.5.   ජාත්‍යන්තර දිළිදුකම පිටු දැකීමේ දිනය - ඔක්තෝම්බර් 17

දිරිය පියස නිවාස වැඩසටහන. (අඩු ආදායම්ලාභී / ආබාධිත)

1996 සිට සමෘද්ධි වැඩසටහන යටතේ නිවාස ලබා දීමට කටයුතු කර ඇත. සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිසට සෙවනක් දීම දිරිය පියස නිවාස වැඩසටහනඅරමුණු කොට ගෙන දිරිය පියස නිවාස වැඩසටහන දිවයින පුරා ආරම්භ විය. මේ සදහා සමාජ සංවර්ධන පදනම හා නිවාස ලොතරැයි අරමුදල දායකත්වයක් සපයා ඇත. එමගින් අත් කරගත් ප්‍රගතිය නිසා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත නිවාස ලබා දීමේ වැඩසටහන 2006 වර්ෂයේදී ආරම්භ විය.


නිවාස ලබා දීමේ නිර්ණායකයන්

1.      නිවාස අහිමි ඉතාමත් අසරණ තත්වයට පත්ව ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් වීම.

2.      විශේෂයෙන් පවුලේ ප්‍රධාන උපයන්නා මිය ගිය පවුල හැර ගිය හෝ අක්‍රීය තත්වයට පත්වූ පවුල්.

3.      විශේෂයෙන්ම ගැහැණු දරුවන් ඇතුළු දරුවන්ගේ ආරක්ෂාවට තර්ජන කාරී අනාරක්ෂිත තත්වයක් ඇති වූ පවුල්.

4.      සමෘද්ධිලාභී පවුල් නොවු ඉතා අඩු ආදායම්ලාභී පවුල්.

5.      විශේෂයෙන්ම තම වයස් ගත දෙමව්පියන් රැකබලා ගන්නා පවුල්.

සමෘද්ධි කැකුළු ළමා සමාජ වැඩසටහන්

සෑම ගමකම සක්‍රීය ළමා සමාජයක් බිහි කල යුතු වේ. එම ළමා සමාජ දරුවන් සදහා මසකට දෙවතාවක් කැදවා ළමා සමාජ ක්‍රියාකාරීත්වය සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු වේ.

සෑම ගමකම ජීවත්වන සියළු දරුවන් පහත සදහන් වයස් කාණ්ඩ යටතේ ළමා සමාජ ගත කල යුතු වේ. එනම් වයස අවුරුදු 5-9 / 10-14 / 15-18 ආදී ලෙස මෙම දරුවන් සදහා සෑම වසරකම සංස්කෘතික හා සාහිත්‍ය හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ඉහත වයස් කාණ්ඩ ඔස්සේ පැවැත්වේ. එය කලාප ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පවත්වා ජාතික මට්ටමේ ජයග්‍රහනය කරන ලද ජයග්‍රාහකයන්ට ත්‍යාග සහතිකපත් හා කුසලාන පිරිනැමීමක් ද සිදුකරනු ලැබේ.

 
Scroll To Top