ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Our Services
Aswesuma Allowance...
Sri Jayewardenepura Kotte Divisional Secretariat Division
The Welfare Benefits Board (wbb) has been established with effect from 15th February 2016 in terms of Section 3 of the Welfare Benefits Act No. 24 of 2002.
According to the above gazette notification, the relief allowance provided to low-income earners will provide benefits under four main categories in the first phase, while arrangements have been made to provide benefits under three categories in the second phase.
Accordingly, the number of beneficiaries in the (i) and (ii) phases of the Sri Jayewardenepura Kotte Divisional Secretariat is as follows
Step (I)
|
Selected category |
Number of beneficiaries |
| Extremely poor |
220 |
| Poor |
692 |
| Vulnerable |
495 |
| Transient |
689 |
|
Total |
2096 |
Step (II)
|
Selected category |
Number of beneficiaries |
| Extremely poor |
17 |
| Poor |
56 |
| Vulnerable |
50 |
|
Total |
123 |

ඇස්වැසුම දීමනාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
සුභසාධක ප්රතිලාභ පනතේ (අංක 24, 2002) 3 වගන්තිය අනුව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය (WBB) 2016 පෙබරවාරි මස 15 දින සිට ස්ථාපිත කර ඇත.
ඉහත ගැසට් නිවේදනයට අනුව, අඩු ආදායම්ලාභීන්ට සපයනු ලබන සහන දීමනාව පළමු අදියරේදී ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ප්රතිලාභ ලබා දෙන අතර, දෙවන අදියරේදී කාණ්ඩ තුනක් යටතේ ප්රතිලාභ ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ (i) සහ (ii) අදියරයන්හි ප්‍රතිලාභීන් සංඛ්‍යාව පහත පරිදි වේ:
අදියර (I)
අදියර (II)

විශ්‍රාම වැටුප් අංශයේ කාර්යභාරය
- වැන්දඹු විශ්‍රාම වැටුප් සකස් කිරීම
- අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම
- ආබාධිතඅනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම
- විශ්‍රාම ගනු ලබන නව සිවිල් සහ හමුදා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍ර පරිලෝකනය කොට විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කිරීම
- සිවිල් විශ්‍රාම වැටුප් සංශෝධන සිදුකිරීම
- හමුදා විශ්‍රාම වැටුප් සංශෝධන සිදුකිරීම
- වැන්දඹු විශ්‍රාම වැටුප් සංශෝධන සිදු කිරීම
- වෙනත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත විශ්‍රාම වැටුප් ගොනු මාරු කිරීම
- වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් එන විශ්‍රාම වැටුප් ගොනු භාර ගැනීම සහ ලේඛනාගාර ගත කිරීම
- අස්ථානගත විශ්‍රාම වැටුප්ගොනු සඳහා තාවකාලික ගොනු පිළියෙල කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අනු මැතිය ලබා ගැනීම
- ග්‍රාමීය බැංකු සහ සණස සමිති මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු මාරු කටයුතුසිදුකිරීම
- මිය යන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරිම සඳහා විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම
- විශ්‍රාමිකයන් මිය යාමෙන් පසු ගෙවන ලද විශ්‍රාම වැටුප් නැවත අය කර ගැනීම
- නතර කොට ඇති විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම
- මාසික විශ්‍රාම වැටුප් සාරාංශය සැකසිම හා මාසික ගෙවිම් වාර්තා ලබා ගැනිම
- අවකරණ ලේඛන නඩත්තු කිරීම අවකරණ චෙක්පත් තෑපැල් කිරීම
- විශ්‍රාමවැටුප් පාලන ගිණුම පවත්වාගෙන යාම
- විදේශගත පදිංචි විශ්‍රාමිකයන්ගේ පදිංචි සහතික පරිගණකගත කිරීම, දීමනා නිවැරදිකිරීම හා වසර දෙකකට වැඩි කාලයක් විදේශගත වී ඇති විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටප් ගොනු විශ්‍රාම වැටුප් දෙපාර්තමේනතුව වෙත යොමු කිරීම
- විශ්‍රාමික පදිංචි සහතික පරිගණක ගත කිරීම
- දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
- තානාපති කාර්යාල වෙත වීසා ලිපි නිකුත් කිරීම
- කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව විශ්‍රාම වැටුප් ගණනය කිරීම් සිදු කොට දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන බලපත්‍ර අංශය තුළින් ලබාදෙන සේවාවන් වාහන හිමියන්ට අත්‍යවශ්‍ය වන පරිපාලන සහ නීතිමය කටයුතු සඳහා උපකාරී වේ. මෙහිදී සිදුවන ප්‍රධාන සේවාවන් පහත පරිදි වේ:
🚗 වාහන ආදායම් බලපත්‍ර (Revenue License) සම්බන්ධ සේවාවන්
- වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
ලියාපදිංචි කළ වාහනයකට වසරකට වරක් බලපත්‍රය නිකුත් කෙරේ. - බලපත්‍ර අළුත් කිරීම
පෙර වසරේ බලපත්‍රය, රක්ෂණ සහතිකය, වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) ඇතුළු ලේඛන ඉදිරිපත් කිරීමෙන් බලපත්‍රය අළුත් කළ හැක. - තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම
වායු විමෝචන සහතිකය ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී, අනුමත ගරාජයකින් ලැබෙන ලිපියක් මත පදනම්ව තාවකාලික බලපත්‍රයක් ලබා දේ. - දඩ මුදල් සහ අයවැය ගෙවීම්
බලපත්‍රය නියමිත දිනයට අයදුම් නොකළ විට, මාස 6, 12, හෝ ඊට වැඩි කාලයක් පසු වූ විට අදාළ ප්‍රතිශතයක් ලෙස දඩ මුදල් අයකෙරේ.
📄 අවශ්‍ය ලේඛන
- වාහන ලියාපදිංචි සහතිකය (CR)
- පෙර වසරේ ආදායම් බලපත්‍රය
- වලංගු රක්ෂණ සහතිකය
- වායු විමෝචන සහතිකය (Emission Certificate)
- වෙළඳ වාහන සඳහා යෝග්‍යතා සහතිකය
- ලිසිං වාහන සඳහා ලිසිං සමාගම විසින් සහතික කළ පිටපතක්
🌐 අන්තර්ජාල සේවාවන්
- බස්නාහිර පළාතට අයත් වාහන සඳහා මාර්ගගත ආදායම් බලපත්‍ර අයදුම් කිරීමේ හැකියාව ඇත.
නමුත් දෙවසරකට වැඩි කාලයක් බලපත්‍රය ලබාගෙන නොමැති වාහන සඳහා මාර්ගගත අයදුම් කිරීම නොකෙරේ
Page 1 of 2




































