2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා නිවාස සංකීර්ණයේ නව බහුකාර්‍ය් ගොඩනැගිල්ල විවෘත කිරීම හා ප්‍රතිකාර ලබන්නන් වෙනුවෙන් රෝද පුටු ඇතුළු උපකරණ බෙදා දීම.
මෙම ගොඩනැගිල්ල, නවීන පහසුකම් සහිතව, ප්‍රජා සත්කාර, සමාජ සේවා, සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ ඉඩකඩ සහිතව ඉදිකර තිබේ.
උත්සවයේ විශේෂත්වය
මෙම අවස්ථාව, රාජ්‍ය හා ප්‍රාදේශීය පාලන ආයතන, සමාජ සේවා අංශ සහ පෞද්ගලික සහයෝගිතාව එකට රැඳී, ප්‍රජා සත්කාරය උදෙසා නිර්මාණය කරන ලද්දක් විය. විශේෂයෙන්ම වික්ටෝරියා නිවාසයට සෘජු වශයෙන් ප්‍රයෝජන විය හැකි සේවා මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල සැලකේ.
ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වය
මෙම උත්සවයට
- 01. ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිණිය
- 02. බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මැතිතුමා
- 03. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මැතිතුමා
- 04. පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා
- 05. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතාවක/පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දන සූරියආරච්චි මැතිතුමා
- 06. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මැතිතුමා
- 07. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති ක්‍රිශාන්ති විජයබණ්ඩාර මැතිණිය
- 08. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන් මහතා
- 09. කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති වික්ටෝරියා නිවාසයේ සභාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා
- 10. හිටපු අමාත්‍යාංශ ලේකම් මහින්ද මඩිහහේවා මැතිතුමා
11.කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මැතිණිය
- 12. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා
- 13. ශ්‍රි ජයවර්ධනපුර මහ නගර සභා නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මැතිණිය
- 14. මුස්ලිම් හෑන්ඩ් සංවිධානය නියෝජිත - එම්.කේ. ඉන්මුදීන් මහතා
සහ විශේෂ ආයතන නියෝජිතයින් සහභාගී වීමෙන් උත්සවය වඩාත් ගෞරවවත් විය.
මෙවැනි සන්සුන්, සමාජමය සහ ආරක්ෂිත ජීවිත පරිසරයක් ගොඩනඟා ගැනීමේ ව්‍යාපෘතියට සහයෝගය දැක්වූ සියලු ම අමුත්තන්ට අපගේ ගෞරවය හා ස්තුතිය


ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීමට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් 2025.09.04 දින සිදු කරන ලදි. සේවා ලාභීන්ගේ පහසුව උදෙසා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යාලීය රාජකාරි කටයුතුවලට අදාළ යාවත්කාලීන පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට,
- රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා,
- කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා
- ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා
- ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු)
- ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වාස්තු විද්‍යාඥ
- ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ඉංජිනේරු)
- කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරු මැණිකේ මිය.
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා
සහභාගී විය.















