Aswesuma Allowance...

Sri Jayewardenepura Kotte Divisional Secretariat Division


The Welfare Benefits Board (wbb) has been established with effect from 15th February 2016 in terms of Section 3 of the Welfare Benefits Act No. 24 of 2002.      

According to the above gazette notification, the relief allowance provided to low-income earners will provide benefits under four main categories in the first phase, while arrangements have been made to provide benefits under three categories in the second phase.

Accordingly, the number of beneficiaries in the (i) and (ii) phases of the Sri Jayewardenepura Kotte Divisional Secretariat is as follows

Step (I)

Selected category

Number of beneficiaries

Extremely poor

220

Poor

692

Vulnerable

495

Transient

689

Total

2096

                                                                   

Step (II)

Selected category

Number of beneficiaries

Extremely poor

17

Poor

56

Vulnerable

50

Total

123

ඇස්වැසුම දීමනාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සුභසාධක ප්‍රතිලාභ පනතේ (අංක 24, 2002) 3 වගන්තිය අනුව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය (WBB) 2016 පෙබරවාරි මස 15 දින සිට ස්ථාපිත කර ඇත.

ඉහත ගැසට් නිවේදනයට අනුව, අඩු ආදායම්ලාභීන්ට සපයනු ලබන සහන දීමනාව පළමු අදියරේදී ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ප්‍රතිලාභ ලබා දෙන අතර, දෙවන අදියරේදී කාණ්ඩ තුනක් යටතේ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ (i) සහ (ii) අදියරයන්හි ප්‍රතිලාභීන් සංඛ්‍යාව පහත පරිදි වේ:

අදියර (I)

තෝරාගත් කාණ්ඩය ප්‍රතිලාභීන් සංඛ්‍යාව
අති දුගී (Extremely poor) 220
දුගී (Poor) 692
අසරණ (Vulnerable) 495
අන්තරීත (Transient) 689
එකතුව (Total) 2096

අදියර (II)

තෝරාගත් කාණ්ඩය ප්‍රතිලාභීන් සංඛ්‍යාව
අති දුගී (Extremely poor) 17
දුගී (Poor) 56
අසරණ (Vulnerable) 50
එකතුව (Total) 123

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන බලපත්‍ර අංශය තුළින් ලබාදෙන සේවාවන් වාහන හිමියන්ට අත්‍යවශ්‍ය වන පරිපාලන සහ නීතිමය කටයුතු සඳහා උපකාරී වේ. මෙහිදී සිදුවන ප්‍රධාන සේවාවන් පහත පරිදි වේ:

🚗 වාහන ආදායම් බලපත්‍ර (Revenue License) සම්බන්ධ සේවාවන්

  • වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
    ලියාපදිංචි කළ වාහනයකට වසරකට වරක් බලපත්‍රය නිකුත් කෙරේ.
  • බලපත්‍ර අළුත් කිරීම
    පෙර වසරේ බලපත්‍රය, රක්ෂණ සහතිකය, වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) ඇතුළු ලේඛන ඉදිරිපත් කිරීමෙන් බලපත්‍රය අළුත් කළ හැක.
  • තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම
    වායු විමෝචන සහතිකය ලබා ගැනීමට අපහසු අවස්ථාවලදී, අනුමත ගරාජයකින් ලැබෙන ලිපියක් මත පදනම්ව තාවකාලික බලපත්‍රයක් ලබා දේ.
  • දඩ මුදල් සහ අයවැය ගෙවීම්
    බලපත්‍රය නියමිත දිනයට අයදුම් නොකළ විට, මාස 6, 12, හෝ ඊට වැඩි කාලයක් පසු වූ විට අදාළ ප්‍රතිශතයක් ලෙස දඩ මුදල් අයකෙරේ.

📄 අවශ්‍ය ලේඛන

  • වාහන ලියාපදිංචි සහතිකය (CR)
  • පෙර වසරේ ආදායම් බලපත්‍රය
  • වලංගු රක්ෂණ සහතිකය
  • වායු විමෝචන සහතිකය (Emission Certificate)
  • වෙළඳ වාහන සඳහා යෝග්‍යතා සහතිකය
  • ලිසිං වාහන සඳහා ලිසිං සමාගම විසින් සහතික කළ පිටපතක්

🌐 අන්තර්ජාල සේවාවන්

  • බස්නාහිර පළාතට අයත් වාහන සඳහා මාර්ගගත ආදායම් බලපත්‍ර අයදුම් කිරීමේ හැකියාව ඇත.
    නමුත් දෙවසරකට වැඩි කාලයක් බලපත්‍රය ලබාගෙන නොමැති වාහන සඳහා මාර්ගගත අයදුම් කිරීම නොකෙරේ

විශ්‍රාම වැටුප් අංශයේ කාර්යභාරය

  

  • වැන්දඹු විශ්‍රාම වැටුප් සකස් කිරීම
  • අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම
  • ආබාධිතඅනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම
  • විශ්‍රාම ගනු ලබන නව සිවිල් සහ හමුදා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍ර පරිලෝකනය කොට විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය වෙත ඇතුළත් කිරීම
  • සිවිල් විශ්‍රාම වැටුප් සංශෝධන සිදුකිරීම
  • හමුදා විශ්‍රාම වැටුප් සංශෝධන සිදුකිරීම
  • වැන්දඹු විශ්‍රාම වැටුප් සංශෝධන සිදු කිරීම
  • වෙනත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත විශ්‍රාම වැටුප් ගොනු මාරු කිරීම
  • වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් එන විශ්‍රාම වැටුප් ගොනු භාර ගැනීම සහ ලේඛනාගාර ගත කිරීම
  • අස්ථානගත විශ්‍රාම වැටුප්ගොනු සඳහා තාවකාලික ගොනු පිළියෙල කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අනු මැතිය ලබා ගැනීම
  • ග්‍රාමීය බැංකු සහ සණස සමිති මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු මාරු කටයුතුසිදුකිරීම
  • මිය යන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරිම සඳහා විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම
  • විශ්‍රාමිකයන් මිය යාමෙන් පසු ගෙවන ලද විශ්‍රාම වැටුප් නැවත අය කර ගැනීම
  • නතර කොට ඇති විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම
  • මාසික විශ්‍රාම වැටුප් සාරාංශය සැකසිම හා මාසික ගෙවිම් වාර්තා ලබා ගැනිම
  • අවකරණ ලේඛන නඩත්තු කිරීම අවකරණ චෙක්පත් තෑපැල් කිරීම
  • වි‍ශ්‍රාමවැටුප් පාලන ගිණුම පවත්වාගෙන යාම
  • විදේශගත පදිංචි විශ්‍රාමිකයන්ගේ පදිංචි සහතික පරිගණකගත කිරීම, දීමනා නිවැරදිකිරීම හා වසර දෙකකට වැඩි කාලයක් විදේශගත වී ඇති විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටප් ගොනු විශ්‍රාම වැටුප් දෙපාර්තමේනතු‌ව වෙත යොමු කිරීම
  • විශ්‍රාමික පදිංචි සහතික පරිගණක ගත කිරීම
  • දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
  • තානාපති කාර්යාල වෙත වීසා ලිපි නිකුත් කිරීම
  • කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව විශ්‍රාම වැටුප් ගණනය කිරීම් සිදු කොට දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ මුලික ක්‍රම 02 කි.

  • තනි පුද්ගල ව්‍යාපර
    හවුල් ව්‍යාපාර


* තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

තනිපුද්ගල ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජ ගැසට් පත්‍රයේ 2011 අංක 05 දරණ බස්නාහිර පළාතේ වෙළඳ සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබු වෙළඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්‍රඥප්තියේ 32 (1) වගන්තිය පදනම් කොට ගෙන ව්‍යාපාරය අයක් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව පළාත් ව්‍යාපාර හා රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කළ යුතුය මෙම ලියාපදිංචිය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැක‍.

1)අයදුම්පත්‍ර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැමිණ හෝ kotte.gov.lk වෙබ් අඩවියෙන් බා ගත කර ගත හැක.
2)
ව්‍යාපාරික ස්ථානයට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබාගැනීම.
3)
ඉහත ග්‍රාම නිලධාරී වාර්තාව සහ සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය, ව්‍යාපාරයේ ස්වභාවය අනුව අවශ්‍ය අනෙකුත් ලේඛන( උපදෙස් පත්‍රිකාවේ සඳහන්) සමඟ ලියාපදිංචියට අදාළ ගාස්තු ද සමඟ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම.
4
ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම සිදු කෙරේ.

*   හවුල් ව්‍යාපාර

ව්‍යාපාරයේ අයිතිය හවුල්කරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර බෙදි යන අවස්ථාවක දී එය හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කල යුතුය.

හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය තනි පුද්ගල ව්‍යාපාරයක අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය හා සමාන වේ.

ප්‍රාග්ධන ආයෝජනය

ලියාපදිංචි ගාස්තුව

රු. 299,999/- දක්වා

ර. 1500.00

රු. 300,000/   සිට   රු.499,999 දක්වා                        

රු 2500.00

රු. 500,000/ සිට ඉහළට                                                      

ර. 3500.00

 

  • වෙනස්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරිමේ දී

ව්‍යාපාරයක ආරම්භ කළ දිනය සහ ආරම්භක ප්‍රාග්ධනය සංශෝධන කළ නොහැක.

සංශෝධන සිදු කිරීම සඳහා පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  1. සම්පූර්ණ කරන ලද (. . ) බී එන් ආර් ආර් 5 අයදුම්පත්රය
  2. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කළ ලියාපදිංචි සහතිකය (මුල් පිටපත )
  3. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
  5. ව්යාපාරික ස්ථානයෙහි හිමිකාරිත්වය පැවරි ඇති බව තහවුරු කිරීම සඳහා ලියාපදිංචි බදු ගිවිසුමෙහි / ඔප්පුවෙහි නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද පිටපත ( එකම ලිපිනයක් නම් අවශ් නොවේ)
  6. ආසන්නතම වර්ෂයේ වරිපන්ම් තක්සේරු දැන්විම
  7. ව්යාපාර ස්වභාවය අනුව ඉදිරිපත් කළ යුතු ලියවිලි හා නිර්දේශ
  8. වෙළඳ බලපත්රය හෝ වෙළඳ බදු ගෙවූ කුවිතාන්සියේ සහතික කළ පිටපත
  9. හවුල් ගිවිසුමක් ඇත්නම් එහි සහතික කළ පිටපත ( නොතාරිස්වරයකු විසින් )
  10. රෙජිස්ට්රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
  11. හවුල් ව්යාපාරයක අයිතිකරුවකු ඉවත් වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ එකඟතාවය දිවුරුම් ප්රකාශයක් මඟින් තහවුරු කළ යුතුය ඉවත් වන හවුල්කරු පැමිණ ඉවත්වන දන්වා සිටිය යුතුයි.
  12. වයාපාර හිමිකරුගේ පදිංචිය වෙනත් ප්රාෙද්ශීය ලේකම් කොට්ඨාසයක නම් පදිංචිය තහවුරු කිරිම සඳහා D S 04 ආකෘතිය

   ගාස්තු අය කිරීම්

වෙනස්කම් ප්‍රකාශයක් අනුව සහතිකයක් නිකුත් කිරිම සඳහා                                   - රු. 3,000.00  

                                                                                                                         

  • ව්‍යාපාරැ නාම ලියාපදිංචි කිරීමේ ලේඛනයෙන් නම ඉවත් කිරිම ව්‍යාපාර නාමය අවලංගු කිරීම

ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇති නමුත් ව්‍යාපාරය පවත්වාගෙන නොයන්නේ නම් ව්‍යාපාර නාමය අවලංගු කළ යුතුය.

  1. 01. සම්පූර්ණ කරන ලද (බ. ප. )බි එන් ආර් 6 අයදුම්පත්‍රය
  2. 02. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කළ ලියාපදිංචි සහතිකය (මුල් පිටපත )
  3. 03. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. 04. ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
  5. 05. ව්‍යාපාර කටයුතු අවසන් කළ බවට අවසන් කල දිනය සඳහන් කරමින් හා ව්‍යාපාරය අවසන් කරන දිනය                    වන විට ව්‍යාපාරය වෙනුවෙන් ගෙවීමට බැරකම් නොමැති බව දන්වමින් ව්‍යාපාර හිමිකරුවගෙන් දිවුරුම් ප්‍රකාශ
  6. 06. රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
  7. 07. මේ සඳහා ගාස්තු අය කරනු නොලැබේ
  8. 08. අයදුම්කරු පැමිණිය යුතුයි.
  9. 09.    මේ සඳහා ගාස්තු අය නොකරේ.
  • සහතික පිටපත් ලබා ගැනීම

ව්‍යාපාර නාම ලිප;යාපදිංචි සහතිකය අස්ථානගත වී ඇත්නම් සහතික කළ පිටපතක් ලබා ගත හැකිය.

  1. ( බ.ප.) ආර් 6 අයදුම්පත්‍රය
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය/රියැදුරු බලපත්‍රෙය් පිටපත
  3. ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  4. ගාස්තු ගෙවීම - ර.1500.00

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

Scroll To Top