vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

විහාරස්ථාන තොරතුරු

විහාරස්ථාන ලිපින සහ දහම් පාසල් ලිපින

විදේශ රැකියා අංශය

  1. විදේශ රැකියා සඳහා යාමට සූදානම් වී සිටින විගමණික ශ්‍රමිකයින් සුරක්ෂිත ලෙස, සැළසුම් සහගත විදේශ රැකියාව සඳහා අවශ්‍ය නිවැරදි පෙර සූදානම පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • විදේශ රැකියාවට යන රැකියා අපේක්ෂකයාට / අපේක්ෂිකාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව ලබා ගැනීමට උපදෙස් ලබාදීම
  • දරුවන් සිටින අයෙක් නම් දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය , සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් යෙදීම.
  • විදේශ රැකියාවට යන විගමණික ශ්‍රමිකයාට බලපත්‍රලාභි රැකියා නියෝජිත ආයතනයක් සොයා ගැනීම පිළිබඳ උපදෙස් පෙර සූදානම පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  1. පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරිම
  • පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරිම සඳහා කේෂත්‍ර පරික්ෂාවක් සිදු කිරීම.
  • දරුවන්ගේ රැකවරණය සඳහා සුදුසු භාරකාරිත්වයක් නිර්දේශ කිරිම.
  • පවුලේ ආර්ථික මට්ටම නඟා සිටු වීමට සුදුසු මාර්ගෝපදේශයක් ලබා දීම හා අවශ්‍ය පවුල් සඳහා සංවර්ධන සැළසුම් සකස් කිරිම.
  1. විදේශ රැකියාවලට ගිය අයගේ පවුල්වල සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම
  • පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරිම විදේශ ගත වු විගමණික ශ්‍රමිකයින්ගේ පවුල් පසු විපරම් කිරිම හා පවුල් අධික්ෂණය
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා විගමණික ශ්‍රමිකයිගේ දරුවන් යොමු කිරීම.
  1. විදේශ රැකියාවන් සිදුකර මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සමාජගත කිරිම.
  • ස්වයං රැකියා හා කුංා ව්‍යාපාර වැනි ජිවනෝපාය මාර්ගවලට ආපසු පැමිණි විගමණික ශ්‍රමිකයින් යොමු කිරිම .ඊට අවශ්‍ය උපදෙස් ලබාදීම
  • ප්‍රාදේශීය කාර්යාලයේ අනෙක් ක්ෂෙත්‍ර සංවර්ධන නිලධාරින් සමඟ ඒකාබද්ධව විගමණික පවුලේ යහපැවැත්ම සංවර්ධනය, ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සහයෝගය ලබාදීම.
  1. පවුල් සංවර්ධන සැලැස්ම පසු විපරම් කටයතු හා අනාරක්ෂිත තත්ත්වයට පත්වු දරුවන් සඳහා රැකවරණ සැළසුම් සකස් කිරිම.
  2. පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සහ අදාල පුහුණුවට යොමු කිරිම. (කේෂත්‍ර නිලධාරින්ගේ සහයෝගිත්වයෙන්)

 මනෝ විද්‍යාත්මක උපදේශනය

කා සඳහා ද

වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දුප්පත්, පොහොසත් භාවය ලොකු කුඩා භේදයකින් තොරව සැමට

උපදේශනයට යොමු විය යුතු හේතු

  • සෞඛ්‍ය තත්වය පිරිහීම.
  • නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීම.
  • පහරකෑමට ලක් වීම.
  • විවිධ චිත්ත පිඩා වලට ලක් වීම.
  • දිවිනසා ගැනීම් වලට තැත් කිරීම.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.
  • දික්කසාද වීම නැතහොත් සැමියා හෝ බිරිඳ අතහැර යාම.
  • නිරතුරුවම මානසික රෝගවලට ගොදුරු වීම.

 

ඔබට ලැබෙන සේවාවන්

  • මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර
  • පුද්ගල සංවර්ධනය
  • නිවාරණ මඟ පෙන්වීම

 

ඔබ පැමිණිය යුතු ස්ථානය

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන අංශය - සතියේ සඳුදා සහ බඳදා දිනයන්හි. මීට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන උදේශන සේවාව සඳහා අමතන්න.

      උපදේශන නිලධාරි  -  නිලුක්ෂිණි කාරියවසම්  0770108312

                                       ඉරෝෂිමා උදයන්තිකා  0778953042

අනුව

  • ඔබ පාසලේ / පෙර පාසලේ ගුරුවරු , දෙමාපියන්, දරුවන් සඳහා
  • මාතෘ සායන සඳහා
  • රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරින් සඳහා
  • කොට්ඨාසයේ කාන්තා සමිති කාන්තාවන් සඳහා
  • තරුණ ප්‍රජාව සඳහා (වෘත්තිය පුහුණු , විශ්ව විද්‍යාල)
  • වැඩිහිටි ප්‍රජාව හා වැඩහිටි කමිටු සාමාජිකයන් සඳහා
  • ආබාධිත ප්‍රජාව සදහා
  • ළමා හා වැඩිහිටි නිවාස සඳහා

ඔබගේ ආරාධනයෙන් ඔබ ස්ථානයට පැමිණ දැනුවත් කිරීම්, මනෝ ප්‍රතිකාර කිරීම සහ විවිධ ක්‍රියාකාරකම්  නොමිලේ පවත්වනු ලැබේ.

ව්‍යාපාර උපදේශන ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කේවල උපදේශන සේවා
  • ව්‍යාපාර ගැටලු නිර්ණය කිරීම
  • වෘත්තීය ව්‍යාපාර උපදෙස්, මග පෙන්වීම සහ මෙහෙයුම් සහාය
  • පසු විපරම් වැඩසටහන, ව්‍යාපෘති පරීක්ෂාව

කුඩා ව්‍යාපාර අංශය

දැක්ම                      - තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා ව්‍යවසාය සංවර්ධනය

මෙහෙවර               - ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් උපරිම දායකත්වය ලබා දීම

ප්‍රධාන කාර්යභාරය   - නව ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කිරීමට අවශ්‍ය සේවාවන් හා පහසුකම් සැලසීම

අලෙවිකරණ සංවර්ධන ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිශ්පාදන සහ සේවාවන් සූදානම් කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළඳපොළ අවස්ථා වැඩි දියුණු කිරීම
  • ප්‍රාදේශීය හා ජාතික වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වෙළඳ සන්නාම සංවර්ධනය කිරීම
  • ගැනුම්කරුවන් විකිණුම්කරුවන් හමුවීම, නැවත මිළදී ගැනීම සහ උප කොන්ත්‍රාත් සඳහා පහසුකම් සැලසීම
  • ව්‍යවසායක ඇගයීම සහ සම්මාන ප්‍රදානය කිරීම
  • ෆේස්බුක් ඇතුලු අනෙකුත් විද්‍යුත් හා සමාජ මාධ්‍ය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිශ්පාදන ප්‍රවර්ධනය කිරීම

ව්‍යවසාය සංවර්ධන ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම සහ ව්‍යාපාරමය අදහසක් තෝරා ගැනීමට සහාය වීම
  • ව්‍යවසායකත්වය මත ආකල්ප වර්ධනය
  • ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම
  • ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම සංවර්ධනය කිරීම
  • ව්‍යාපාර අත්දැකීම් බෙදාගැනීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම
  • ව්‍යාපාරික සංසද හා සරල සමාජ සංවර්ධනය කිරීම

පර්යේෂණ හා සංවර්ධන ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • ව්‍යවසායකත්ව තරඟ පැවැත්වීම
  • ව්‍යාපාරික පර්යේෂණ සංවිධානය
  • ක්ෂේත්‍ර සම්බන්ධීකරණය
  • ව්‍යාපාරික සඟරාව
  • විශේෂ ව්‍යාපෘති

මූල්‍ය සහ උපකාරක සේවා ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍යමය සාක්ෂරතාවය සහ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් ව්‍යාපාර සැලසුම් සකස් කිරීම
  • සහනදායී බැංකු ණය යෝජනා ක්‍රම සම්බන්ධීකරණය කිරීම
  • තොරතුරු තාක්ෂණ ගණකාධිකරණයේ ධාරිතාව සහ කුසලතා ශක්තිමත් කිරීම
  • ව්‍යාපාරික වැඩමුළු පැවැත්වීම (ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වැඩසටහන්, ව්‍යාපාර නීති හා රෙගුලාසි වැඩසටහන්)

තාක්ෂණ හා නව්‍යකරණය ඒකකය

ප්‍රධාන ක්‍රියාකාරකම්

  • තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව සඳහා මූල්‍ය සහය සැපයීම
  • තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර දැනුම වර්ධනය කිරීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම
  • දේශීය සම්පත් පාදක කර ගනිමින් නව සහ අගය එකතු කළ නිශ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම
  • නිශ්පාදන ගුණත්වය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහාය සැපයීම

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිළිබඳ වැඩිදුර‍ තොරතුරු සඳහා යොමු වීමට

වෙබ් අඩවිය - http://www.sed.gov.lk/sedweb/en/

යූ ටියුබ් චැනලය - SED tv

ෆේස්බුක් පිටුව   - https://www.facebook.com/seddcolombo/

විස්තර සහ ප්‍රගතිය

Scroll To Top